උණුසුම් පුවත්

ආසාදිතයින් සංඛ්‍යාව 2035 දෙනෙකු දක්වා ඉහළට

අද (28) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2035 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත

එක් අයෙක් ඉන්දියාවේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක් වන අතර අනෙක් ආසාදිතයා පකිස්තානයේ සිට පැමිණි අයෙක්.

එමෙන්ම අද දිනයේදී තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1661ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 81.7ක් වේ.

විදේශිකයින් 26 දෙනෙකු ඇතුළු තවත් රෝගීන් 363 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.