උණුසුම් පුවත්

ඊයේ (09) දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 535ක්

covid - 19 update

ඊයේ (09) දිනයේ දී ආසාදිතයින් 535ක් හඳුනාගත් අතර, ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

ඒ ආසාදිතයින් 148ක් ලෙසය. මේ අතර ඊයේ දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111ක් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර කෑගල්ලෙන් 64ක්, ගම්පහ 59ක්, රත්නපුරයෙන් 31ක්, මාතර 28ක්, කළුතරින් 20ක්, මඩකලපුවෙන් 19ක්, කුරුණෑගල හා මාතලෙන් 11ක්, ත්‍රිකුණාමලය 8ක්, ගාල්ලෙන් හා අනුරාධපුරයෙන් 5ක්, මොනරාගල 4ක්, නුවරඑළියෙන් 3ක්, පොළොන්නරුව හා අම්පාරින් දෙදෙනෙක් හා යාපනයෙන් හා මුලතිව්වලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 47,840 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 40,838 දෙනෙකු වන අතර ආසාදිතයින් 6,773 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මෙරටදී සිදුවී ඇති සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහළ ගොස් තිබේ.