ඊයේ (12) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 588ක් හඳුනාගෙන තිබේ.
ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 158කි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 147ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ආසාදිතයින්ගෙන් 4 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 49,539කි.
සමස්ත ආසාදිතයින්ගෙන් 42,620 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,675කි.
මෙරට තුළදී සිදුවී ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.