උණුසුම් පුවත්

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය අග‍්‍රාමාත්‍යවරයා හමුවෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය අද (2020.06.29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව උතුරු පළාතේ ජන ජිවිතය යථා තත්ත්වයට පත්කිරීම සහ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් අනවසර බෝට්ටු පැමිණීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුා විය.

උතුරු පළාතේ ජන ජිවිතය න`ගා සිටුවීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සහ උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡුා විය.