ප්‍රමුඛ පුවත

කොවිඩ් ආසාදිතයින් 75කට සුවයි – සුවය ලැබු සමස්ත ගණන 2514ක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 75 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු ගණන 2514 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර අද (02) මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි. අදාළ ආසාදිතයා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙක් බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2816 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් රෝගීන් 291 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.