උණුසුම් පුවත්

ජනාධිපතිතුමාගේ හජ් දින පණිවිඩය

ශී‍්‍ර ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් ලොව පුරා සිය සහෝදර ලබ්ධිකයන් සමග එක්ව සමරන ඊදුල් අල්හා හෙවත් හජ් උත්සවය නිමිත්තෙන් මේ පණිවිඩය නිකුත් කරන්නේ සතුටිනි.

නබි ඊබ‍්‍රාහිම්තුමන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙවියන් වෙනුවෙන් කළ විශිෂ්ට කැප කිරීම් සිහිපත් කරමින් ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් විසින් මහත් භක්තියෙන් හා ගෞරවයෙන් මේ උත්සවය සමරනු ලැබේ. මේ කාලය තුළ ලොව පුරා දස දහස් සංඛ්‍යාත මුස්ලිම්වරු ඉස්ලාම් ධර්මයේ පස්වෙනි කුලූණ ලෙස සලකනු ලබන හජ් වන්දනා පිළිවෙත ස`දහා මක්කමට රැස් වෙති.

මුළු ලොවම වෙළාගෙන ඇති කොවිඞ් - 19 වසංගතය හමුවේ මෙවර සුපුරුදු පරිදි මක්කම වන්දනා කිරීමට මුස්ලිම් ප‍්‍රජාවට නොහැකි වුවද එකී වන්දනාව තුළින් පිළිබිඹු වන අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්යෝගය තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙදවස උපකාරී වනු ඇතැයි සිතමි.

හජ් උත්සවයේ වැදගත්කම වටහා ගෙන සිටින ශී‍්‍ර ලංකා රජය මුස්ලිම් ප‍්‍රජාවට සිය ආගමික වතාවත්හි නිරත වීමට අවශ්‍ය සියලූ පහසුකම් සලසා ඇත.

ශුද්ධ කුරානයේ ඉගැන්වීම් අනුව යමින් අතීතයේ පටන් සෙසු සියලූ ආගමිකයන් සමග සමගිව විසූ මෙරට මුස්ලිම් ප‍්‍රජාව අනාගතයේදී ද දේශයේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙනු ඇති බව විශ්වාස කරමි.

ශ‍්‍රී ලංකාවාසී මුස්ලිම් ප‍්‍රජාවට ශුභ ඊදුල් අල්හා උළෙලක් ප‍්‍රාර්ථනා කරමි.