සෞඛ්‍යය

ජාතියේ මල් කැකුළු වන අපේ ළමා පරපුර රැක ගනිමින් ළමා අපයෝජනය දූරිභූත කිරීමට නම් – දෙවන කොටස

Child abuse

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ප‍්‍රථම සභාපතිවරයා වන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරෙන්ද්‍ර ද සිල්වා මහතා සමඟ අප කළ සම්මුඛ සාකච්ඡාවේ ගියවර පලවූ ලිපියේ දෙවන කොටසයි.

එම පළමු ලිපියේ සබැඳිය මෙම ලිපිය අවසානයේ දක්වා ඇත.

මේ පිළිබඳව මගේ යම්කිසි විධියක විසඳුම් කීපයක් තියෙනවා. ඒ කියන්නෙ දණ්ඩ නීති සංග‍්‍රහයට ළමා අපයෝජනය ගැන ඇතුළත් කිරීමෙන් වාසිදායක මෙන් ම අවාසිදායක තත්ත්වයකුත් තියෙනවා. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු.

අපි කවුරුත් මතක තියාගත යුතු දේ තමයි ළමයකුට කුඩා කාලයේ දී ළමයකු වර්ධනය වෙමින් සිටින අවදියෙ දි ඒ කියන්නෙ අවුරුදු දෙක, තුන, හතර, පහ වගේ කාලයේ දී යම් විදිහක අපයෝජනයක් හෝ යම් විදියක හිංසනකය් වෙනවා නම්, මානසික, ශාරිරික හෝ ලිංගික හිංසනයක් වුවහොත් ඒ සිදුවීම දරුවාගේ මොළයේ මුල් හරියේ නෙවෙයි මැද හරියේ තියෙන ඉන්ද්‍රියක සටහන් වෙනවා. අපි එය හඳුන්වන්නේ (Hippocampus - Hupothalamus - Amygdala) යනුවෙන්. ඔය ඉන්ද්‍රිය යටතේ.

අපි හිතුවත්, මතක් කළත් ඒක අපට මතක් වෙන්නෙ නෑ. හිතල ඕනෑකමින් සිහියට නංවා ගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් කිසියම් අවස්ථාවක දී ඒක ඉබේට ම මතුවෙන්න පුළුවන්.

ඒක නිසා තමයි ඒ කාලයේ දී අපට යෞවන වයස වෙනකං ම තියෙනවා බලපෑම්. යෞවන වයසෙත් ගොඩක් බලපෑම් තියෙනවා.

ඉතාමත් කුඩා කාලයේ දී වසර පහ, හය කාලයේ දී ඔය බලපෑම ඉතාමත් වැදගත්. මොකද මම ඒ දවස්වල පටන් ගත්තහම ‘ටුඬේස් බිකම් ඇබියුස් කමස් ටුමාරෝ’ - අද අපයෝජනය වෙන කෙනා තමයි හෙට අපයෝජනය කරන පුද්ගලයා බවට පත්වෙන්නෙ. අනිර්යයෙන් ම නොවෙයි. හැම අවස්ථාවෙමත් නොවෙයි.

සංඛ්‍යාලේඛන විමසා බැලූවොත් හුඟක් දුරට එහි ඇති තත්ත්වය දැක ගන්න, දැන ගන්න පුළුවන්.

අපි උදාහරණයක් අරන් බැලූවොත් ළමයෙක් අපයෝජනය වෙන්න ඕනැ නෑ... අම්මගෙයි තාත්තගෙයි ආරවුල් ගොඩක් තියෙනවා නම්, ඔවුන් බෑණ අඬගහ ගන්නවා නම් ළමයා ඒ දෙන්නගෙ ආරවුල දකිනවා. බැණකියා ගන්න දේවල් දරුවට ඇහෙනවා. ඒ සියල්ල දරුවාගේ මා අර කලින් සඳහන් කරන ලද ඉන්ද්‍රියේ නිදන්ගත වෙනවා. ඒ සිද්ධි දරුවට මතකත් නෑ. මතක් කර ගන්නත් බෑ. නමුත් අදාළ වෙලාවක මතුවෙනවා. ඒක උදාහරණයක්. අපි ඔය වගේ කාරණාවක් අවුරුදු ගණනාවක් තිස්සේ අපට හුරුවෙලා නිදන්ගතවෙලා තියෙනවා. අපි ප‍්‍රශ්නයක් නැතිව ජීවත් වෙනවා. ඒත් අපි දෙමාපියන් වුණායින් පස්සෙ අර සිද්ධිය මතුවෙන්න පටන් ගන්නවා. හිතල මතල නෙවෙයි. ඉබේ ම. ඒකනේ ජපන් ජාතිකයින් හික්මීමක් ඇතිවෙලා තියෙන නිසා ළමා වියේ පනේ ම හුරු පුරුදු විධියෙන් පරිබාහිරව වැරැද්දක් කරන්නෙ නැත්තේ. ඔවුන්ට එහෙම දෙයක් හිතෙන්නෙ ම නෑ, ඉබේම වෙන්නෙත් නෑ ඔවුන්ගෙන්.

අපි බැලූවොත් යෞවන වයසෙ දි. විශ්වවිද්‍යාල නවක වදය, එහෙමත් නැත්නම් රැග් එක. අද රැග්වෙන පුද්ගලයා නේ හෙට ජ්‍යෙෂ්ඨයන් හැටියට අනෙක් අයට රැග් කරන්නේ. තමන්ට දරාගන්න බැරි තිරිසන් විධියට මුහුණ පෑ දේවල් තමනුත් වැඩි කලක් නෙවෙයි ලබන අවුරුද්දෙ නවකයන්ට ඒ වදේ ඒ වගේ ම දෙනවා.

ළමයෙක් පොඩි කාලේ පටන් හොඳට බැණුම් අහලා, ගුටිකාලා අපයෝජනය වෙච්ච දරුවෙක් නම් තව දුරටත් ඒක ස්ථාපිත වෙනවා නේ. එක අතකින් අපට මේක කෙළින් ම හිතා ගන්නත් බෑ මේක පුද්ගලයාගේ වරදින් ය යි කියාත්. ඒ වගේ ම ඒ පුද්ගලයා කුඩා කාලයේ පටන් ඔහු මුහුණ පාන දේවල්...

නමුත් මේක ඉතාම වැදගත්. හැබැයි ඒක කළ පුද්ගලයාට නිදහස දෙන්න තරම් ඒක හේතු කාරණාවකුත් නෙවෙයි. එහෙම පුද්ගලයින් සමාජයේ ඉන්නවා නම් ‘හනේ එයා පොඩි කාලේ ගුටිකාපු නිසා නේ දැන් ළමයින්ට ගහන්නේ. මිනිස්සුන්ට ගහන්නේ කියා ඔහුට නිදැල්ලේ යන්න ඉඩ දී සමාවක් දෙන්න බෑ නේ අපට. එතැනින් නවත්තන්න ඕනෑ, හැබැයි වැරැද්දට නීතිය ක‍්‍රියාවිරහිත කරන්න බෑ, ඒක තියෙන්න ඕනෑ,

ඒත් නීතිය එක්කෙනෙකුට එක විධියකටත් තව කෙනකුට තව විධියකටයි ක‍්‍රියාත්මක කරනවා නම් ඒක වැරදියි. එහෙම කරනවා නම් නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නෑ, එතකොට වැරදි කරන්න තියෙන බිය නැති වෙනවා.

මං හිතන්නේ අපි ලංකාවෙම සැලැස්මක් යොදන්න අවශ්‍යයි පුළුල් දැක්මක් ඇතිව. මං සාර්ථක උදාහරණයක් දෙකක් දෙන්නම්.

මට ඒ කාලේ ඉතින් දුකයි. මං ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙත්, ජනාධිපති කාර්ය සාධක බළකායෙ අයත් එක්කත් මගේ පෞද්ගලික කටයුතු සියල්ල බැහැර කරලා සම්පූරණයෙන් අවුරුදු අටක් වැඩ කළා.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පිහිටෙහුවෙත්, කාර්ය සාධක බළකාය පිහිටුවලා නීති ගෙනාවෙත්, ළමා ආරක්ෂණ අධිකාරි පනත, ඇති කිරීමත් ගැන සතුටුයි.

හිටපු ගමන් මං පසුතැවිලි වෙනවා මං සාර්ථක වුණා ද නැද්ද කියා. නමුත් මගේ සැනසීමට යෙදුණු කරුණු දෙක තුනක් තියෙනවා.

පළමු වැනි කාරණාව තමා මුළු මහත් සමාජයට ම මොකක් ද මේ කියා දැනුණු එක. එය මොකක් ද කියා අපි ජනතාව දැනුවත් කළා. ඒ ඔස්සේ මිනිස්සුන්ට අවබෝධයක් ඇතිවුණා මෙහෙම ආයතනයක් (ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය) යනුවෙන් එකක් තියෙන වග. හැබැයි ඉතින් ඊට පෙර අපයෝජනය වෙච්ච පුද්ගලයන් ඉන්නවා නේ ඒ උදවිය ළමා අපයෝජනය කරනවා නම් එක් මට නතර කරන්න බැහැ.

දෙවැනි කාරණාව තමා අපි යම් ලෙසකින් වෘත්තිකයනට නිපුණතාවයක් ලබා දුන්නා ළමයෙක් අපයෝජනය වෙලා නම් මොකද වෙන්නේ කියන එක. ඒ වෙනුවෙන් වෛද්‍යවරුන්ට පොත් ලිව්වා. නීතිඥවරුන්ට පොත් ලිව්වා. එහෙම පොත් ලියපු නිසා දැන් ඒ දැනුම තියෙනවා. ඒ දැනුම ලබා ගත්තු පිරිස ඒක කරගෙන යනවා. අපි පටන් ගත්තා නේ. ලියපු පොත් තාම තියෙනවා. වෛද්‍යවරුන්ට පොත් හත්දාහක් මුද්‍රණය කළා. වෛද්‍ය සිසුන්ටත් ඒවා දුන්නා. නීතිඥවරුන්ටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් දුන්නා. ඒ නිසා යම් කුසලතාවයක් වර්ධනය වුණා.

මගේ සාර්ථකම කටයුත්ත තමා ළමා මෙහෙකාර සේවය නතර කරන්නට හැකිවීම. ළමා මෙහෙකාර සේවය දැනට නැත්තටම නැති කරන්න පුළුවන්. කලාතුරකින් එහෙම ගෙදර දෙකක ඉන්නත් පුළුවන්.

ඉස්සර හැම ගෙදරක ම පාහේ හිටියා නේ ළමා මෙහෙකාරයන්ග මෙහෙකාරියන්ග ද්‍රවිඩ ළමයින්ට දෙමළ නම්ග සිංහල ළමයින්ට සිංහල නම් යොදා ගෙනග ඒ ගැන අවධානය යොමු කිරීමෙන් හා නීතිය ක‍්‍රියාත්මක කිරීමෙන් තමයි ළමා මෙහෙකාර කම්වලට දරුවන් යොදා ගැනීම නතර කරන්න පුළුවන් වුණේ.

ඒක කාටවත් ම සාධාරණීකරණය කරන්න බැරිවුණා. ළමා මෙහකාර කම් සමාජය තුළ හංගන්න බැරි වුණා. ළමා අපයෝජනය කරන කොට හැංගිලා නේ කරන්නේ. ඒක සමාජයට පේන්නෙ නෑ. ඒක නිසා ඒ දෙක සංසන්දනය කරන්න බෑ, ළමා මෙහෙකරුවෙක් ඉන්නවා නම් අඩුම ගණනේ කුණු ටික පාරට හරි ගෙනැවිත් තියනවා නේ. ළමා මෙහෙකරුවන් ළමා මෙහෙකාරියන් හංගන්න බැරි නිසා ඒක නවත්තා ගන්න පුළුවන් වුණා. එ ්ක ඉතාම සාර්ථකයි.

ඊළඟ කාරණාව තමයි දකුණු පළාතේ විශේෂයෙන් ම සංචාරක කර්මාන්තයේ දී ළමා අපයෝජනය කෙරෙන එක හුඟක් දුරට අඩුවුණා. කොච්චර ද කීවොත් එක එක වෙබ් සයිඞ්වල ඒ ඒ අයගේ සඟරාවල පළවුණා ලංකාවෙ නම් පැත්ත පළාතක යන්න එපා ඒ අය ළමා අපයෝජනය කෙරෙහි දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරනවා ය කියා. ඊට පස්සෙ තමයි ඒ උදවිය වියට්නාමය, කාම්බෝජය වගේ රටවල්වලට හැරණේ. ඒ කාලේ ලංකාවේ ළමා අපයෝනය කෙරුණේ එළිපිට ම වගේ නේ. ඒක බොහෝ දුරට අඩුවීම ගැන මට ඇත්තේ බොහෝ සතුටක්.

තුන් වැනි කාරණාව ළමා සොල්දාදුවන් සේ යුදමය කටයුතුවලට දරුවන් යොදා ගැනීම ළමා අපයෝජනයක් හැටියට අර්ථ දැක්වීම. ඒ ගැන ලෝකයා හමුවේ මූලික වශයෙන් ම ක‍්‍රියා කළේ මම. බි‍්‍රතාන්‍යයේ බි‍්‍රටීෂ් මෙඩිකල් ජර්නල් නම් සඟරාවේ පළවැනි වතාවට ලිපියක් ලිව්වේ මං. ඒ ලිපිය විද්‍යාත්මක කරුණු සහිත ලිපියක්. ඒක අන්තර්ජාලයෙන් සොයා බලන්න පුළුවන්. ඒ සඟරාවේ පළවුණා ළමයයින් සොල්දාදුවන් හැටියට බඳවා ගැනීම ළමා අපයෝජනයක් ය කියන වග. ඒක මං ලියලා යැව්වාට පස්සෙ පළ කෙරුණෙ අවුරුදු දෙකක් ගිහින්. ඒ අය ඒක පළකිරීම පරක්කුකළා. මොකද බි‍්‍රතාන්‍යයේ මේක ගැන යම් විධියක ප‍්‍රතිවිරෝධයක් ඇති වුණා. මොක ඒ අයට ලොබින් පවර්ස් තියෙනවා නේ.

මේ ලිපියෙන් මං කිසිම ජාතියක් ගැන කියලා නෑ. කිසිම සංවිධානයක් ගැන කියලා නෑ. සංකල්පයක් හැටියට වැරදියි කියන එකයි මං පෙන්නලා දුන්නේ. ඒ වෙනුවෙන් මං සාධක දෙකක් පෙන්නුවා. ළමා අපයෝජනය වුණු සිද්ධීන් ඒ කතා දෙකේ ම තියෙනවා.

මං බීබීසි ගුවන්විදුළියෙන් මට සම්මුඛ සාකච්ඡුා දුන්නා. මට වඩා උගතුන් ඉන්න ඇති. නමුත් මං පෙන්වා දුන්නු සංකල්පය ලෝක මතවාදයක් බවට පත් වුණා.

ඊට කලින් එහෙම නෑ නේ. ළමා සොල්දාදුවන් ඉන්නවා කියන එක හොඳ දෙයක් හැටියට නේ සැලකුවේ. දැන් ලංකාවට අදාළ නෑ. අනාගතේ අදාළ වෙන්න පුළුවන්. ඒක අපි දැනගන්න ඕනෑ. ඒකට එරෙහිව අපේ සමාජයේ මතයක් තියෙන්න ඕනෑ,

මනස සම්පූර්ණයෙන් ම වැඞී නැති කෙනකුගේ මනසට යම් යම් දේවල් රිංගවලා ඒක මගේ අර්ථ දැක්වීමේ තියෙනවා එ ්කට බඳවා ගැනීමට හෝ බෝම්බ පිපිරවීමට හෝ. එතකොට ඒක දැන් ලෝකයට ම අදාළ යි. අපට අදාළ නොවන්න පුළුවන්. ඒක නිසා ලෝකේ දැන් මං නිසා ම කියල මට කියන්න බැහැ. නෙල්සන් මැන්ඩෙලා අන්තිමට බැන්දෙ මොසැම්බික් මැන්ඩෙලා හිරෙන් ආවයින් පස්සෙ හිටපු බිරිඳගෙන් වෙන්වුණා නේ. ඊට පස්සෙ බැන්දනේ. මොසැම්බික් වගේ තමා මට මතක ඒකෙ ප‍්‍රසිඩන්ට් වුණායින් පස්සෙ එයාගෙ වයිෆ් හිටියා. ඒකාන්තාවගේ වාර්තා වගයකුත් තිබුණා. සමහර විට මගේ වාර්තා ඇත්තටම ආවේ එයාගේ වාර්තා එන්න ඉස්සර වෙලා. මට ඩිලේ එකක් තිබ්බා නේ පළ කරන්නට එංගලන්තෙ. 2000 තමා දෙකම එකට ම වගේ එළිදැක්වුණේ.. මං එයාගෙන් ගන්න කැමති නෑ මට අවශ්‍ය නෑ එයත් කළා මමත් පොඩියට කළා. මං මහා පරිමාණයෙන් වැඩ කළේ නෑ මම ඉතින් තනියෙන් කරපුවා නේ. මට මුල්‍යමය පහසුකම් මුකුත් තිබුණෙත් නෑ. පෞද්ගලිකව මගේ සල්ලි වියදම් කරලා ඒවා කළා. ඉතින් ඒක සතුටට තුන් වැනි කාරණය ඒක. ඒක ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ ඇත්ත වශයෙන් ම කීවොත් ඒක තමා. ඒ විතරක් නෙවෙයි පකිස්ථානයේ ළමා ආරක්ෂණ කටයුතු මුල් වශයෙන් ආරම්භ කළේ මම ගිහිල්ලා රැුස්වීම් කීපයක ම තවත් කට්ටිය ආවා මූලික වශයෙන් දිගට ම දිගට ම අවුරුද්දට දෙතුන් පාරක් ගිහිල්ලා ඒ ගොල්ලන්ට සම්මන්ත‍්‍රණ තියලා පුහුණු කරල පටන් ගත්තා. ඊට පස්සෙ ඒගොල්ලන් තනිවම කරගෙන යනවා. දැන් මං යන්න ඕනැ නෑ.

ඉන්දියාවෙත් ඒ ගොල්ලන්ගෙ පාර්ලිමේන්තුවෙ දි යුනිසෙෆ් එකෙන් මාව කැන්දුවා මන්ත‍්‍රීවරයෙක්ගේ ගෙදරකට. එයා මාත් එක්ක ගෙඩාක් වෙලා සාකච්ඡුා කළා. කොහොම ද කරන්නෙ? ලංකාවෙ කොහොම ද කළේ....?

එතකොට නේපාලයේ එච්චර ම වැඩ කළේ නෑ නමුත් ඒවයේ ගිහිල්ලා අපි යම්කිසි විදිහකට දායක වුණා. ඉතින් ඒවා ගැන මං සතුටු වෙනවා. දැන් නේපාලෙ සම්මන්ත‍්‍රණ තියන කොට අපි යනවා නේ. ගිහිල්ලා අපි ඔවුන් ව දැනුවත් කරනවා. මම කියන වචනෙ මං පාවිච්චි කරන්නෙ නෑ. අපි කියන වචනෙයි පාවිච්චි කරන්නෙ. අපි මේ විදියට තමා ලංකාවේ ළමා ආරක්ෂණ වැඩ පිළිවෙළ කළේ. මං නෙවෙයි මගේ නායකත්වයෙන් වෙන එක වෙනයි. අපි ලොකු කණ්ඩායමක් හිටිය නේ. සාර්ථකව අපි ඒ දේවල් කළා. ඒක වෙන කතාවක්. නමුත් වැඩියම කටයුතු කෙරුණෙ පකිස්ථානයේ. කොටින් ම කිව්වොත් මයේ ළමා ආරක්ෂක පොතක් ලියපු එක ඒක උර්දුවලට පරිවර්තනය කළා. මගේ නමින්. තව දුරටත් මගෙ තිබිච්ච පොත් ඔක්කොම උර්දුවලට ඒ රටේ පරිවර්තනය කළා. ඒ ගොල්ලන් ඒක බෙදුවා. ඒ ගොල්ලන්ට දැන් මතක ඇද්ද දන්නෙත් නෑ, මොකද ඒ කාලේ හිටිය කට්ටිය දැන් නෑ, හේදිලා යනව නේ. ඉතිහාසයේ වගේ ගල්වල කොටලා ඕවා තියෙන්නෙ නෑ. මගේ හිතට හරි නං හරි. ඉතින් එහෙමයි ඕක යන්නෙ....

දැන් තියෙන ප‍්‍රශ්නෙ තමයි ඒ දේවල් ඒ විදියට හිතල මතල කරන්න ඕනෑ. මේකෙ තියෙන දේවල් ම විතරක් කරන එක නෙවෙයි වැදගත්. මං මේ කීවේ පුළුල් වශයෙන්.

අපි ලබන සතියෙ දි ළමා අපයෝජන ක‍්‍රියාකාරකම්වලට එරෙහිව පියවර ගන්නට හේතු සාධක වුණු කාරණා කීපයක් පාඨක ඔබට ඉදිරිපත් කරන්නේ එහි ලාඅපි ලබන සතියෙ දි ළමා අපයෝජන ක‍්‍රියාකාරකම්වලට එරෙහිව පියවර ගන්නට හේතු සාධක වුණු කාරණා කීපයක් පාඨක ඔබට ඉදිරිපත් කරන්නේ එහි ලා ඇති දැඩි අවශ්‍යතාවය නිසාවෙනි.

මානව වර්ගයාගේ උතුම් ම සම්පත දරුවන් නම් ඔවුන් රැුක බලා ගැනීමේ හා ඔවුනට කායික ශාරිරික මෙන් ම වාචිකව ද හිංසනයන් කිරීමට එරෙහිව නැඟී සිටීම සියලූ පුරවැසියනගේ වගකීමක් බව සටහන් කරමිනි

- සුගතපාල මැන්දිස් -