උණුසුම් පුවත්

තවත් COVID 19 ආසාදිතයින් 21 කට සුවයි

COVID 19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව පිරිස 559 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 413 ක් වන අතර මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 981 ක් වෙයි.

සමස්ත ආසාදිතයින්ගෙන් 540 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 149 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්ගතව රැදී සිටින බව ද සඳහන්ය.