දේශපාලන

ප්‍රතිපත්තිගරුක දේශපාලනය හැර නොගිය චන්දිම වීරක්කොඩි

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය වනුයේ වැඩකරන සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමය. එම ප්‍රතිපත්තිමය ක්‍රියාවලිය යථාර්ථයක් කිරීමට නම් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තුළින් උගත් බුද්ධිමත් දේශපාලන නායකත්වයක් රට හදන තැනට යා යුතුව ඇත. ජනතාවගේ බලාපොරොත්තුව හා ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩ පිළිවෙළ යථාර්ථයක් කිරීමට අවශ්‍ය උගත් බුද්ධිමත් නායකත්වයක් තුළින් රට ඉදිරියට පැමිණෙමින් සිටී. ඒ අනුව මෙම දැක්මට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ නීතිඥ චන්දිම වීරක්කොඩි නම් දේශපාලනඥයා ඉදිරියට පැමිණ ඇත. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති හා නායකත්වයේ ප්‍රතිපත්තීන්ට ගරු කරමින් දේශපාලනයේ නියැළුණු නායකයෙකි. එම නිසාම ශ්‍රීලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වරයා වශයෙන් ද ලාංකීක ජනතාවගේ ගෞරවාදරයට පත්වූ නායකයෙකි. නමුත් මේ ජනතාවාදී නායකයව යම් කණ්ඩායමකට අභියෝගයක් වී ඇති අතර ඔවුන් විසින් චන්දිම වීරක්කොඩි මහතාපසුගිය යහපාලන ආණ්ඩුව සමයේ තමාගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් අමාත්‍ය ධූරයක් ලබාගත් බවට සමාජය තුළ මතයක් නිර්මාණය කරමින් ඇත. නමුත් මෙහි සත්‍යාසත්‍යතාවය සීරුමාරුවට අවබෝධ කරගත යුතු කරුණකි.

2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සංධානය ය‍ටතේ තරග කරනු ලැබූ අතර ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම ලේකම් ධූරය හෙබවූ මෛත්‍රීපාල සිරිසේන මහතා ය. ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් චන්දිම වීරක්කොඩි මහතා ගාල්ල දිස්ත්‍රික්කය මෙහෙය වූ අතර ඡන්ද 377126 ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රාහී මාවතකට ගෙනයනු ලැබී ය. නමුත් සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ අතර එවකට පොදු අපේක්ෂකයා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත් විය. මෙම පරාජය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ සභාපතීත්වයෙන් ඉවත් වූ අතර සිරිසේන මහතා ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත් විය.

ඉන් අනතුරුව 2015 අගෝස්තු 17 වැනි දා පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ අතර ආසන 95 ක් ලබා ගත්තේ ය. එසේම එක්සත් ජාතික පෙරමුණ ආසන 106 ක් ලබා ගන්නා ලද්දේ ය. නමුත් බහුතරය පක්ෂ දෙකට ම ලබාගැනීමට නො හැකි විය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් 94 දෙනකුගේත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 106 දෙනාගේත් පොදු එකඟතාවය මත ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට දෙපාර්ශ්වය ම කැමති විය. මෙම ජාතික ආණ්ඩුවට විරුද්ධ වූ එක ම මන්ත්‍රීවරයා වූයේ කුමාර වෙල්ගම මහතා පමණි. එම ජාතික ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයක් සඳහා නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා ගේ නම යෝජනා වූ පුවත ඇසූ සැණින් ඔහු ගාල්ග දිස්ත්‍රික්කයෙන් තේරීපත්ව සිටි මන්ත්‍රී කණ්ඩායමේ පස් දෙනාගෙන් ද පළාත් සභාවේ හා පළාත් පාලන නියෝජිතයන් රැස්කොට ඔවුන්ගේ පොදු එකඟතාවය විමසා ඒ එකඟතාවය මත 2915 සැප්තෑම්බර් මස 15 වැනි දා ඛනිජ තොල් අමාත්‍ය ධූරය භාර ගනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම හිඳිමින් ජනතාව ලබා දුන් ජනවරම ආරක්ෂා කරමින් ය.

ඔහු තම රාජකාරිය අකුරට ම ඉටු කරමින් ලංකා ඉතිහාසයේ ඛනිජ තෙල් සංස්ථාව ලද ඉහළම ලාභය වූ බිලියන 54 ක ආදායමක් ජාතික ආර්ථික පද්ධතියට එක්කළ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ රැකියා පූර්ණයට මැදිහත් විය.  එසේම ජාතික මට්ටමේ සම්පතක් වූ තෙල් ටැංකි සංකීර්ණය ලබා ගැනීම සඳහා ජාතික ආණ්ඩුවේ අගමැතිවරයාට එරෙහිව සටනක නියැළුණේ ගාලු ජනතාවගේ ප්‍රතිපත්ති පාවා නොදුන් නායකු ලෙසිනි. එම අරගලය නිසාවෙන් ඔහු එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ මැදිහත් වීමෙන් කැබිනට් මණ්ඩල සංශෝධනයක් හරහා නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ලබා දෙමින් ඛනිජ තෙල් ඇමති තනතුර සඳහා ඔහුගේ සමීපතමයකු පත් කර ගන්නා ලද්දේ ය.

නමුත් ඕනෑම මොහොතක නිවැරදි දැක්මක් ඇති නායකයකු ලෙස නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යා ධූරය ලබා ගනිමින් ගාල්ලේ ජනතාවට විශාල සේවයක් කරනු ලැබී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් තමා වෙනුවෙන් කතිරය සලකුණු කළ ගාලු ජනතාවගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය. එවකට ජාතික ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ ක්‍රියා කලාපයට එරෙහිව පැවති විශ්වාස භංග යෝජනාවට සහාය දක්වමින් තම ඇමති තනතුර අත් හරින චන්දිම වීරක්කොඩි මහතා 2018 ඔක්තෝම්බර් මාසයේ සිරිසේන මහතා හා රාජපක්ෂ මහතාගේ සුසංයෝගයෙන් පත් වූ භාරකාර ආණ්ඩුව වෙත පූර්ණ සහාය පළ කරනු ලැබී ය.

එසේ ම මහින්ද රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සඳහා සහාය පළ කරන ලද චන්දිම වීරක්කොඩි මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ම එම පක්ෂයේ 50 වැනි සාමාජිකයා සේ ඊට එක් වූයේ ය.

 

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපකිරීමක් ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් කරනු ලැබී ය.

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ නියැළෙමින් ජනතා කතිරයට වටිනාකමක් දුන් නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා ගේ ශක්තිය වන්නේ ද ප්‍රතිපත්ති ගරුක ජනතාව ම පමණි.

 

- අදිත ඉක්මල් -