උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මන්ත්රීරවරුන්ට නොමිලේ වාහන ගන්න පර්මිට් නිකුත් කිරීම නවත්වන පරිදි පොදු ප්ර වාහණ සේවා සංවර්ධනය කරනවා – අමාත්‍ය මහින්ද අමරවීර ම

අපේ රටේ ජාතික ආදායමෙන් රුපියල් බිලියන ගණනක්,  මන්ත්‍රීවරුන්ට වාහන මිල දී ගැනීමට නොමිලයේ පර්මිට්  නිකුත් කරනවා. මේ බර දරන්නේ රටේ අසරණ ජනතාව. ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරක් නොවෙයි, පලාත් සභා  මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් දෙනවා.

නමුත් මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා දීම වළක්වා ගැනීමට නම් පොදු ප්‍රවාහණය ආකර්ශණීය සේවාවක් ලෙස සංවර්ධනය කළ යුතුයි. මම ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යවරයා විදියට ඒ් සඳහා වැඩ පිළිවෙළක් සකස් කළා. බස් රථවල ඝෝෂාකාරී ලෙස ගීත වාදනය කිරීම නැවැත්වුවා.ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩ පිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කර ආසන ගණනට මගීන් ප්‍රවාහණය කිරීම පොදු නීතියක් බවට පත් කරනවා. යැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

අමාත්‍යවරයා මෙමඅ දහස් පළ කළේ ඊයේ (28) හම්බන්තොට පැවැති මහජන රැස්වීමක් අමතමිනි.

දේශපාලනඥයෝ කියන්නේ වර්තමානයේ පරපුටුවන් පිරිසක් යැයි මහජනතාවට හැගෙන තරමට විකෘති වුන කාරණයක් බවට පත්වෙලා තියෙනවා. දශක කිහිපයකට පෙර දේශපාලනය කියන්නේ ගෞරවනීය  තනතුරක් බව තමුන්නාන්සේලා දන්නවා. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා දීමට සිදු වුයේ අපේ රටේ පොදු ප්‍රවාහණ සේවා කාර්යක්ෂමව හා ගුණාත්මකව ක්‍රියාත්මක නොවූ නිසා කියළා මම විශ්වාස කරනවා. එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පොදු ප්‍රවාහණ සේවා භාවිතා කරමින් තම දෛනික කටයුතු සිදු කර ගත හැකි වන පරිදි අප රටේ පොදු ප්‍රවාහණ සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මම පියවර ගන්නවා.

පසුගිය මාස කිහිපය තුළ ඒ් සඳහා ගත් පියවර අතර බස් රථයක් පැමිණෙන වේලාව දැක්වෙන පරිදි නව ජංගම යෙදවුමක් හඳුන්වා  දුන්නා. දැන් බස් රථයක් එනකම් හෝල්ට් එකේ රස්තියාදු වෙන්න ඔිනැ නැහැ.  හරියටම වෙලාව බලාගෙනම එන්න පුලුවන්. බස් එක එනවද? නැද්ද කියන එකත් දැනගන්න පුලුවන්. අනික් කාරණය තමයි ඉදිරියේ දී මාර්ගවල ධාවනය කෙරෙන්නේ  ලොරි චැසිවලට බොඩි ගහපු බස් නොවෙයි. නියම බස් රථ රථ අපි ධාවනය සඳහා යොදවනවා. මේ වසරේ  එවැනි බස් රථ 80ක් අපේ සේවය එක්වෙනවා.

පොදු ප්‍රවාහණය සංවර්ධනය කළ හොත් ජනතාව තම පුද්ගලික වාහන පාරට දාන්නේ නැහැ. ඒ් නිසා මාර්ග තදබදයත් අවම කරන්නට අපිට පුලුවන්. ඒ් වගේම දුම්රියවල ගමන් කරන මගීන්ට තමන් පැමිණෙන වාහනය ගාල් කර කර තබා දුම්රියෙන් ගමන් කළ හැකි වන පරිදි Park and Drive ක්‍රමයත් අපි හඳුන්වා දෙනවා. දැනටමත් බෙලි අත්ත දුම්රිය ස්ථානය අසළ වාහන 3000ක් පමණ ගාල් කළ හැකි නැවතුමක් හදා තිබෙනවා. මෙම වැඩ පිළිවෙළ සෙසු දුම්රිය ස්ථාන අසළත් අපි ක්‍රියාත්මක කරනවා .

එසේ පොදු ප්‍රවාහණය සංවර්ධනය කළහොත් මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන එකත් නතර කරන්න පුලුවන් යැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.