දේශපාලන

පෙර පාසල් ගුරුවරියනට NVQ වෘත්තීය පුහුණු සහතිකය ලබා දීමට මා පියවර ගත්තා – හිටපු වෘත්තීය පුහුණු ඇමති චන්දිම වීරක්කොඩි

පෙර පාසල් ගුරුවරියනට එන්ඒකිය්‍යු (NVQවෘත්තීය පුහුණු සහතිකය ලබා දීමට මා පියවර ගත්තාඒ සහතිකයට ලොව ඕනෑම රටක පිළිගැනීමක් තියෙනවා

- හිටපු වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමති  චන්දිම වීරක්කොඩි ඉමදූවේ දී කියයි.

අපි ඉමදූවෙ ජීවනාලිය බඳු වූ කණ්ඩායමයි. ඔබ තමයි අපේ අනාගතය සකස් කරන්නෙ. ඔබ සකස් කරන ළමා මනස තමයි අපේ අනාගතය  යහපත් පරපුරක් බිහි කරන්නෙ. අම්මා බිහිකරන දරුවා ඉස්සරවෙලා ම සමාජයට යන්නෙ පෙර පාසලෙන්. පෙර පාසලේ දී ඒ ළමයා ලබන පෞරුෂය පිළිබඳ අඩිතාලම තමයි මහා පුරුෂයෙක් බිහි කරන්නෙ. ඔබ සතුටෙන් සිටීම මං හිතන්නෙ අනාගතේ පරම්පරා ගණනාවක් සතුටෙන් සිටීමට අඩිතාලම දමන්නෙ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා එතුමගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා කරන්නෙ සෑම පෙර පාසලක ම ගුරුතුමියකට ම රජයෙන් දීමනාවක් ගෙවීමට කටයුතු කරන්න ඕනෑ කියා. ඒත් ඒක කරගන්න වුණේ නෑ නේ.

ඒක හොඳ ආයෝජනයක් හැටියට යි අපි දකින්නෙ‍. එදා පොහොර සහනාධාරය දෙනකොට සමහරුන් කිව්වා ඇයි මේ පොහොර සහනාධාර දෙන්නෙ කියා. ඒක වැඩවසම් ක්‍රමයක්. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ මතය වුණේ. පොහොර සහනාධාරය දුන්නු නිසා තමයි සහල්වලින් රට ස්වයංපෝෂිතය වුණේ.. ඒ තුළින් තමයි අපට රැකියා උත්පාදනය වුණේ. ගොවියා කරන්නෙ ගොවිතැන. ඒ ආදායම රටේ දියුණුවට යෙදෙව්වෙ. ඊට එහා ගිය ආයෝජනයක් හැටියට කවුරු හරි කිව්වොත් එහෙම ඇයි රජය පෞද්ගලික පෙර පාසල්වල ගුරුවරුන්ට ගෙවන්නෙ කියලා ඒක ඉන් එහාට ගිහිපු දෙයක්. ඒ නිසා අපි විශ්වස කරනවා ඔබ වෙනුවෙන් ඒ කරන ලද කටයුත්ත රටට වැදගත් කියා. ඉතින් අපි මේ ආසනය භාර ගත්තට පස්සෙ මගේ පළවැනි ම අවධානය යොමු වුණේ පෙර පාසල්වලට. අපට හැකිවුණා විමධ්‍යගත අයවැයෙන් ඊට කලින් අපේ මිතරන්ගෙන් විවිධ දේ එකතු කරලා පෙර පාසල්වලට උපකාර කිරීම ආරම්භ කළා.

මං ඇමතිවරයෙක් හැටියට කටයුතු කරන කොට ආණ්ඩුවේ සල්ලි නෙවෙයි ඒ. ඇමති කමක් තියෙන කොට එක එක උදවිය එනවා අපෙන් උදව් ගන්න. මගෙන් උදව් ගන්න ඇවිල්ලා උදව් කරපු හැම ආයතනයකට ම කිව්වේ හබරාදුවෙ පෙර පාසල් ටික හදල දෙන්න කියා. අපට පුළුවන් වුණා බොහෝ පෙර පාසල්වලට අවශ්‍ය මූලික දේවල් තිබිච්ච නැති දේවල් ලබා දෙන්න.‌ ඕස්‍ට්‍රේලියාවේ අපේ හිතවතුන් පිරිසක් මගෙන් ඇහුවා මොනවද කෙරෙන්න ඕනෑ කියා. මං කීවා අපේ දරුවන්ට ඉංග්‍රිසි දැනුම ලබන්නට හැකි වන සේ බෆල් එකක් හා අදාළ වීඩීයෝ පට අඩංගු පෙන්ඩ්‍රයිව් එක බැගින් හබරාදූවේ පෙර පාසල්වලට ලබා දෙන්න කියා‍ ඒ මිතුරන් ඒ අවශ්‍ය දේවල් ලබා දේවි. අනිවාර්යයෙන් ම අපේ දරුවන්ට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ද මැනවින් හැදෑරීමේ අධ්‍යාපනයක් ලබා දිය යුතුම යි.

පෙර පාසල් වෘත්තිය, වෘත්තිකයන් බවට පත් කරන්නට අවැසි කටයුතු කළ යුතු යි. ඔබ හා එකතු වෙන අනාගත පරපුරට වෘත්තිමය සහතිකයක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ මං ඇමති කාලෙ අවුරුද්දක් විතර සිටිය දී වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ගාලු දිස්ත්‍රික්කයේ හැම පෙර පාසල් ගරුවරියකට ම අපි ලබා දුන්නා එන්ඒකිය්‍යු සහතිකය.

අලුතෙන්ම ක්ෂේත්‍රයට පැමිණි උදවියට ලෝකයේ ඕනෑම රටක පෙර පාසල් ගුරුවරියක හැටියට සේවය කරන්න ඒ තුළින් අවස්ථාව ලැබිලා තියෙනවා.

අපි දන්නවා දැන් රට යන එක ප්‍රශ්නයක්වෙලා. දැන් බයයි රට රාජ්‍යවල යන්න. ඒ දවස්වල ඇමරිකාවට යන්න තමා හැම උත්සාහ ගත්තෙ. පෙර පාසල් සහතිකය තියෙනවා නම් පෙර පාසල් ගුරුවරියක හැටියට ඕනැ කෙනෙක් ගන්නවා ඒ සහතිකය මත. ඉතින් අපි ඒ වෘත්තීමය සහතිකය ඔබට ලබා දුන්නා. ඒ ලබා දීම ඔබ වෘත්තීමය වශයෙන් ශක්තිමත් කිරීමක් වගේ ම ඔබගේ දරුවා ඔබ අධ්‍යාපනය ලබා දෙන දරුවා ශක්තිමත් පෞරුෂයකින් හෙබි දරුවකු බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය කරන උපාංගයක් හැටියට අපි දැක්කා. පෙර පාසල ගමේ හා කොළඹ වෙනස් වෙන්න බෑ. පෙර පාසල ඉමදූවේ සහ වොෂින්ටන් නුවරත් වෙනස් වෙන්න බෑ,

අපි මේ දරුවන් බිහි කරන්නෙ ඉමදූවට පමණක් නෙවෙයි. රටට. ලෝකෙට. අපේ දරුවාට හැකියාව තියෙන්න ඕනෑ ලෝකයේ ඕනෑම දරුවෙක් එක්ක සමතැන ඉඳ‍ගෙන තරග කරන්න. දැන් අලුත් තරග තියෙනවා ගණන් ඉගෙන ගන්න එක ම විතරයි. මම දකින දෙයක් තියෙනවා පෙර පාසලට ගියහම ඉස්සරවෙලා ම දවසෙ සිංහල වර්ණමාලාව. ඊළඟට දාහට ගණන් කරන්න උගන්වනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයයි දියුණු රටක අධ්‍යාපන ක්‍රමයයි පෙර පාසලේ විතරක් නෙවෙයි දෙකේ තුනේ පන්තියටත් උගන්නන්නෙ පෞරුෂ වර්ධනය යි. ඒ හින්දා අපි විශ්වාස කරනවා පෞරුෂයක් තියෙනවා ඕනැ. නිසි ක්‍රමවේදයක් මත දරුවන් ගොඩනැගිය යුතු බව කියන්න ඕනෑ. නැත්තං පෙර පාසලෙන් ඉස්කෝලෙට යන විටත් ඒ දරුවා දන්නෙ හෝඩිය විතරයි. ඉන් එහා දෙයක් දන්නෙ නෑ,

අපේ අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්දක් තියෙනවා. අධ්‍යාපන ක්‍රමය රැකියාගත වීමට එහෙමත් නැත්තම් තමන්ගේ ම දෙයක් ආරම්භ කිරීමට ශක්තියක් ඇති කරන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි තවමත් මේ රටේ තියෙන්නෙ. පෙර පාසලෙත් එහෙම විෂයමාලාවක් නෑ. ඔබට ආවේනික වූ ඔබේ ම ක්‍රමයට තමයි ඉමදූවෙ දරුවා වර්ධනය කරන්නෙ. ඒක මම හිතන්නෙ හොඳයි. අපි විශේෂඥ උපදෙස් සහ රටක් හැටියට පෙර පාසල් සඳහා යම්කිසි ආකාරයක ශක්තිමත් විෂයමාලාවක් සැකසීමට අවධානයක් යොමු කොට මඟ පෙන්වීමක් රජයෙන් කළ යුතු යි කියල අපි විශ්වාස කරනවා.

දැන් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙනුත් ගැටලුවක් තියෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ ත් උසස් පෙළත් ළමයින්ට ඉස්කෝල තිබුණත් එකයි නොතිබුණත් එකයි. ඒ ළමයි ඉස්කෝලෙ ගිහිල්ලා. පාසල් ගිහින් ඉගෙන ගන්න දරුවො. පෙර පාසල් එ‍කේ, දෙකෙ දරුවො. අ‍පි දැන් මේ ගැන සාකච්ඡා කරමින් ඉන්නෙ. පෙර පාසල විශේෂයෙන් ම මගේ යෝජනාව වුණේ එකම බෝවෙන රෝගියකුවත් නැති ගමේ පෙර පාසලෙ පනහට අඩු පන්ති පටන් ගන්න පුළුවන්. මොකද පනට අඩු පන්තියකට කවදාවත් පිටින් ළමයෙක් එන්නෙ නෑ නේ. යම් රෝගී ළමයෙක් හඳුනාගත්තොතින් වහාම ඒ ගැන තීරණයක් ගන්න එක වෙන එකක්. ඒ හින්දා පියවරෙන් පියවර පටන් ගන්න ඕනෑ. දැන් ගාල්ලෙ තියෙන ප්‍රධාන ඉස්කෝල ටික පටන් ගන්න අමාරුයි. ළමයි කොහෙන් එනව ද දන්නෙ නෑ. බෝඩි‍මේ ඉන්නවා දරුවො පිටින් ආපු. ගමේ පෙර පාසලට ගාල්ලෙන් හෝ මාතරින් හෝ එන්නෙ නෑ නේ. මේ ගැන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනැ යි කියා අපි සාකච්ඡා කරල තියෙනවා.

ඔබ හැම දෙනා ම සල්ලිවලට වැඩ කරන පිරිසක් නෙවෙයි. තෘප්තිය උදෙසා දරුවන්ට උගන්නන පිරිසක්. අර රුපියල් 5000 දීමනාව පෙර පාසල් ගුරුවරියන්ට අනිවාර්යයෙන් ම ලබා දෙන්න ඕනෑ ය කියල රජය විශ්වාස කරනවා.

මම යෝජනාවක් කළා ආණ්ඩුකාරතුමාට. යම් සහනයක් ලබා දෙන්නැයි කියා. දකුණු පලාත් සංවර්ධන අධිකාරිය හරහා ඒ සඳහා මුදල් වෙන්කළා කියා එතුමා මට කීවා.