දේශපාලන

මුදලට විකිණෙන අපේක්ෂකයින් අපිත් සමග නැහැ – සජිත්

එළබෙන මහා මැතිවරණයේ දී මුදලට විකිණෙන අපේක්ෂකයින් කිසිවෙකු සමගි ජනබලවේගයේ නොමැති බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (25) පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේ මුදලට විකිණුන අපේක්ෂකයින් කිහිපදෙනෙකු පසුගිය දා සමගි ජන බලවේගය හැරගිය බවය.