උණුසුම් පුවත්

මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2810 ක්

මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2810 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (28) දින ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වීමත් සමගය.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි ආසාදිතයෙක්ගේ සමීපතමයෙක් බව හඳුනාගෙන ඇත.

සුවය ලැබු පිරිස 2296කි.

ආසාදිත 503දෙනෙකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.