උණුසුම් පුවත්

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යව 2815ක්

ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීයාගේ බිරිඳට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (31) තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය පී. සංජය මහතා පැවසුවේය.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යව 2815 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් ආසාදිතයින් 2391 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් රෝගීන් 413 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර, පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයාගේ ආශ්‍රිතයින් 158 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.