උණුසුම් පුවත්

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2814ක්

මෙරට දී හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2814ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකුට කොවිඩ් - 19 වෛසරය වැළඳි ඇති බව හඳුනාගෙන ඇත.

තවත් විදෙස්ගතව පැමිණි දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

එක් ආසාදිතයෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇත.

පුද්ගලයින් 470ක් වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් රෝහල්ගතව සිටියි.

මෙරට සුවය ලැබු සමස්තය 2333ක් දක්වා වැඩි වී තිබේ.