උණුසුම් පුවත්

සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2037 ක් දක්වා ඉහළට

ඊයේ (28) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සිව් දෙනා ද සමග මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2037 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

බංග්ලාදේශයේ සිට පැමිණ වස්කකඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයෙක් අවසන් ආසාදිතයා වශයෙන් වාර්තා විය.

සෙසු ආසාදිතයින් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු, පාකිස්ථානයේ සිට පැමිණ වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයෙකු සහ ඉන්දීයාවේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථායේ රැඳි සිටින පුද්ගලයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.

මේ වන විට සමස්ත ආසාදිතයින්ගෙන් 1661 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කෙසේවෙතත් ආසාදිතයින් 365 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම අංශය වැඩිදුරටත් සඳහන් කළේය.