දේශපාලන

සෞභාග්‍යයේ දැක්මේ සාර්ථකව ක්‍රියාත්මක කරන්න ගාල්ලෙන් දක්ෂයන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන්න – චන්දිම වීරක්කොඩි

අපි ලක්ෂ 69 ක් අරන් තමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා සේ පත් කෙරුණේ.  අපට ලක්ෂ 55 ක් විරුද්ධ වුණා. හැබැයි මම වගකීමෙන් කියනවා ගාල්ල දිස්ත්‍රික්කයේ ගමින් ගමට යන වැඩි පුර ම යන අපේක්ෂකයා හැටියට යන යන තැන එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධ අලි අපිත් එක්ක එකතු වෙනවා. අද රජ්ගම ආසනයේත් එහෙම යි. ඊයේ නාගොඩ ත් එහෙම යි. පෙරේදා යක්කලමුල්ලෙත් එහෙමයි. මේ එකතු වෙන එකතුවිල්ලෙ හැටියට යූඇන්පීයේ ලක්ෂ පනස් පහෙන් ලක්ෂ තිස් පහක් එජපයෙන් ගලවලා ඉවරයි. ඒ ජයග්‍රහණයත් එක්ක රට සෞභාග්‍යයේ දැක්ම තුළින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා , මහින්ද රාජපක්ෂ අගමැති තුමාත් එක්ක රට ඉදිරියට ගෙන යන විට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභවලින් කොටසක් ගාල්ලට ගේන්නට, රජ්ගමට ගේන්නට, අපට දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය යි. ඒ වෙනුවෙන් කැප වෙන්න. තව සතියක් නෑ.

හිටපු අමාත්‍යවරයකු වන නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා එ‍සේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැස්විමකට බූස්සේ දි එක් වෙමිනි.

ඔබට අපි අපේක්ෂකයන් දොළොස් දෙනකුගේ ලැයිස්තුවක් දීලා තියෙනවා. හොඳට මේ අපේක්ෂකයෝ ගැන හොයල බලලා, කතිරය ගහන්න. අපි 2004 ඡන්දයක් තිබ්බා. ජේ. වී. පී එකත් අපිත් එක්ක ඉල්ලුවා. එතකොට ජේවීපී එකෙන් කටපාඩම් කෙරෙව්වා අංක තුනක් ජේ.වීපී අපේක්ෂකයන්ගෙ 2, 8, 9, - 2, 8, 9 කිය කියා. වයසක ආච්චිලගෙ අතේ සීල් එකකුත් ගැහුවා 2, 8, 9 ඔක්කොම පොලිමේ ගිහිල්ලා ඡන්ද පොළට. මොකක්ද කළේ හෙව්වෙ නෑ වැඩ කරල තියෙනව ද, වැඩ කරන්න පුළුවන ද? පක්ෂවල ඉන්නෙ කවුරුන් ද ඒ මොකුත් බැලුවෙ නෑ ගැහුවා 2, 8, 9 ට. මනාප 1, 2, 3 ම 2, 8, 9 ට. පත්වුණාට පස්සෙ අවුරුදු හයක් පාර්ලිමේන්තුවෙ හිටියත් අඩුම තරමෙ ගමක ළිං ගැට්ටක්වත් හැදුවෙ නෑ.  බෝක්කුවත් හැදුවෙ නෑ. අන්තිමය මොකද වුණේ. තමන් ඡන්දෙ දීලා පත් කරගත්තු මන්ත්‍රීවරයා හොයන්න බැලුවම හොයා ගන්න නැත. ඉන්න තැනක් නෑ. ඇඩ්‍රස් නෑ. එනිසා එක එක්කෙනා කිව්ව පලියට ඡන්ද කෑල්ල දෙන්න යන්න එපා.

ඔබ ඡන්දෙ දෙන්න ඕනැ තමන්ට ගිහින් හමුවෙලා තමන් ගෙ හෝ ගමේ හෝ කිසියම් ප්‍රශ්නයක් ගැන කියන්න පුළුවන් කෙනකුට. වැඉ

ඩක් කරන්න පුළුවන් කෙනෙක් ද? නැත්තං කයිවාරුව විතරක් ද? මේවා ගැන හොඳට හිතල බලල ඡන්දෙ පාවිච්චි කරන්න.

හැම කතිරයක් ම පොහොට්ටුවට ගහන්න. ශක්තිමත්ව පොහොට්ටුව දිනවන්න. පොහොට්ටුව දිනවල ඔබේ ආසනයේ අපේක්ෂකයා ට පළමුවෙන් ම මොහාන් ද සිල්වා මහත්තයට කතිරය  ගහන්න. ඊළඟට ඔබ දන්න කැමති අයකුට කතාරය ගහන්න. මමත් ඇවිල්ලා ඉන්නවා මටත් සැලකිල්ලක් කරන්න.

මටත් සැලකිල්ලක් කරන කොට මම ඔබගේ මෙතැන ඉඳගෙන ආසනේ සංවිධායක තුමා ඇරණට පස්සෙ ඔබට ළඟින් ම ජීවත්වෙන්නේ මම යි. මෙතැන ඉඳන් හපුගලට ත.මයි ළඟ ම.

අවුරුදු විස්සක් මං දේශපාලනේ කරනවා. වැඩිම තනතුරුවල ඉඳල තියෙන්නෙ මම මේ පොහොට්ටුවෙ අපේක්ෂක ලැයිස්තුවෙ ඉන්න උදවියගෙන්.

තුන් පාරක් ඔබේ මනාපෙන් පාර්ලිමේන්තුවට පත්වුණේ මම. ඔබ දන්නවා අපේ ගෙදර ගේට්ටු හරි දොරවල් හරි වෙනස් වුණේ නෑ. තනතුරුත් එක්ක.

මාව හම්බ වෙන්න එන්න තුඛ්ඩු දාන්න ඕනැ නෑ, ඕනෑම කෙනෙකුට හපුගල අපේ ගෙදර කාටත් විවෘත යි. ඔබ ඔබේ ප්‍රශ්නෙ ඉදිරිපත් කරන්න. අවුරුදු විස්සක් ඔබේ ප්‍රශ්න වෙනුවෙන් මං මැදිහත්වෙලා තියෙනවා. සමහර ප්‍රශ්න විස‍ෙඳෙන්න ඇති. සමහර ප්‍රශ්න නොවි‍ස‍ෙඳෙන්න ඇති. හැම විටකම ඔබ වෙනුවෙන් පෙනී ඉඳල තියෙනවා බැනලා පන්න ගෙන නෑ.

මම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා. මේ බූස්සෙ අංග සම්පූර්ණ මෝටර් රථ ධාවන පුහුණුවට. එහෙම එකක් ගාල්ල දිස්ත්‍රික්කයේ නෑ. තවත්..

මේ පළාතේ දිගට ම තියෙන්නෙ මහ මුහුද. අපේ ධීවරයින් ගිහින් මාළු ඇල්ලුවාම අල්ලන ප්‍රමාණයට‍ වඩා දස ගුණයක් අල්ලා ගන්නවා ඉන්දියාවෙ ධීවරයින්. මේ මුහුදෙ වැටක් ගහලත් නෑ, තාප්පයක් ගහලත් නෑ... එකම මූදෙ. ඇයි අපේ ධීවරයින් වඩා වැඩි මත්ස්‍ය තොග ඉන්දීය ධීවරයින් අල්ලා ගන්නෙ? අපේ ධීවරයින්ට තාක්ෂණය නෑ. මූද වටේ ම තිබුණට මුහුදෙන් ගත හැකි ප්‍රයෝජන ගන්න හැකියාවක් අ‍පේ උදවියට නෑ.

මම මේ බූස්සෙ ආරම්භ කළා‍ සාගර විශ්වවිද්‍යාලයේ පුහුණු මධ්‍යස්ථායක් නිර්මාණය කරන්න. දැන් පළවැනි අදියරේ වැඩ අවසන්. අපි දෙවැනි අදියර ඒ සාගර විශ්වවිද්‍යාලයේ අංග සම්පූර්ණ කරනවා. රජ්ගමට තෙල් පිරවුම් හලක් දසක ගණනක් තිස්සෙ ඉල්ලුවා ඉල්ලුවා කවුරුත් දුන්නෙ නෑ. නමුත් මට පුළුවන් වුණා රජ්ගමට තෙල් පිරවුම් හලක් රජ්ගම හන්දියේ ආරම්භ කරන්න රජ්ගම විවිධ සේවා සමූපකාර සමිතියට ලබා දීමෙන්.

සුනාමි ව්‍යාසනය ඇති වෙන වෙලාවේ ජර්මනියේ හිටපු රාජ්‍ය නායකයා හෙල්මුට් කෝල්ට් මහත්තයා විවේකයක් ගත කරන්න ඇවිත් හිටියේ තල්පෙ සංචාරක හෝටලේක. ඔහු සුනාමියට හසුවෙලා සිටිය දී මං තමයි ඔහුට උදව් කළේ. එතුමා මගෙන් ඇහුවා මොනව ද ඕනෑ කියා. මං මහමෝදර ඉස්පිරිතාලෙ ගැන කීවා ම ඔහු කීවේ ඉඩමක් සොයා දෙන්න මං රෝහලක් හදල දෙන්නං කියා. මං එදා ඈෂ්ලි ද වොෂ් මහත්තයත් එක්ක ඉඩම් හොයල හොයලා වාරිමාර්ගයට අයිති ඉඩමක් බලෙන් ම වගේ අරන් කරාපිටියෙ ඉදිකිරීම් ආරම්භ කරලා දැන් ඒක තනා අවසන් වෙන්න ළඟයි. ඒකෙ කමිටුවෙ සභාපති ලෙස කටයුතු කරන්නෙත් මම.