සාහිත්‍යය හා කලාවහනී - නවකතාව

හනී – නවකතාව 1 කොටස

පළමු කොටස

ළමා වියේ පටන් නේකාකාර වධ බන්දනයන්ට ගොදුරු වූ පින්ලන්තයේ ගැහැනියක ගේ කතාව. 

හෙළදිව ඊ නිවුස් හි අද සිට සෑම සෙනසුරාදාවක ම කොටස්  වශයෙන් පලවේ.

උදේ වැඩට ගිය අම්මා වෙනදා නම් මෙලහකටත් මේ වෙලාව වෙන ‍කොට ගෙදර ඇවිල්ලා. ඒත් අද තාමත් නෑ. මොකද පරක්කු කියන්න මං දන්නෙ නෑ, වෙනදා වගේ ම මාත් මල්ලිත් අම්මා දැන් ගෙදර ඒවිය කිය කියා හිත හිතා පාර දිහාට ඇස් දල්වන් බලා හිටියා. ඒත් අම්මා තාමත් නෑ. ටිකෙන් ටික කරුවල වැටෙන්න කිට්ටු වෙන කොට මයෙ හිතට මොකක් දෝ අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. පපුව වේගෙන් ගැහෙන්න වුණා. එතකොට ම වගේ මල්ලි අඬන්න පටන් ගත්තෙ නැතෑ. මල්ලි අඬන කොට මටත් නිකං ම ඇස් දෙකෙන් කඳුළු බේරෙන වගක් දැනුණා. අපි දෙන්න අඬ අඬා පාර දිහා බලන් ඉන්න වෙලාවෙ කවුදෝ කෙනෙක් අපේ ගේ ඉස්සරහට ඇවිත් නතරවෙලා හොඳ හැටි මල්ලිත් මාත් දිහා මාරුවෙන් මාරුවට බලා හිටිව බව දැනුණා.

ඒ ආපු මනුස්සයා කීවා බබෝ ඔයාලගෙ අම්මා ටිකක් සනීප නැතිව ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියා. ඒ නොඅඳුනන මිනිහා එහෙම කීවා ම මල්ලී හයියෙන් මොර දිදී අඬන්න වුණහම පාරේ යන එන්නන් ද නැවතිලා අපේ දිහා බලන් ඉන්න වග මට තේරුණා. මට හරියට ම නිශ්චයක් නෑ කවුද ඒ ආරංචිය අපි දෙන්නට කිව්වේ කියා. බාගදා පොලිසියෙන් ‍කියලත් මට හිතෙනවා.

ඇත්තට ම අපේ අම්මා ඉස්පිරිතාලෙට අරන් ගිහින් තියෙන්නෙ ඇයි දැ යි කියන්න දන්නෙ නෑ, කොහොම වුණත් ඒ ආපු මනුස්සයා මාත් මල්ලිත් එක්ක ඉස්පිරිතාලෙට ගියා. ඉස්පිරිතාලෙ දි යි දැන ගත්තෙ අපේ අම්මා මැරිල යි කියා. මාත් මල්ලිත් දමල අපේ අම්මා දෙවියන් වහන්සේගේ තුරුළ‍ට යවල තියෙන්නෙ කාර් එකක්. ඒ කාර් එකේ හැප්පිලා තමා අපේ අම්මා මියගිහින් තියෙන්නෙ. මටත් මල්ලිටත් හිටිය එකම ආරක්ෂකයා අපේ අම්මා. අම්මා දැන් අපට නෑ. අපි දෙන්නා දාලා   ඈ සදහට ම අපෙන් වෙන්වෙලා ගිහින්.

එදා ඉඳල මං වින්ද දුක් කන්දරාව කොච්චරක් ද? මුහුණ පාපු නේකාකාරයේ ප්‍රශ්න කොච්චරක් දඝ අපේ අම්මා අපි ‍දෙන්නා දාලා දෙවියන් වහන්සේ‍ ළඟට යන කොට මගේ වයස අවුරුදු පහ යි. කොහොම වුණත් එදා පටන් මා වින්ද දුක් කම්කටොලු, ගැන කියන්න විස්තර කරන්න තරම් මට වචන නෑ. මගේ ජීවිතය එකම ශෝකාලාපයක්. මගේ ඒ අනුවේදනීය කතාව මං හෙට පටන් සතියකට වරක් ඔබට කියන්නම්. ඒක සමස්ත ලෝකයේ ම කාන්තාවන්ට බොහොම වටින එකක් වේවිය කියල යි මගේ විශ්වාසය. ඒ කතාව මහා කටුක එකක්. වේදනාවෙන් පිරිච්ච එකක්. මා ගෙව්වේ බොහොම අඳුරු කාලවකවානුවක්.

මං ජීවන තක්සලාවෙන් තමා සියලු දෑ ඉගෙන ගත්තෙ. දැනගත්තෙ. හැදෑරුවෙ. මගේ කතාව කියවන ඔබ ට ඔබේ ජීවිතයට යමක් එකතු පාදා ගන්න හැකිවුණොත්…. !!!! ඒක ඔබට ඔබේ අනාගතය නිසි සේ හැඩගස්වා ගන්න අත්වැලක් වුණොත් මට ඇති වෙන්නේ විස්තර කරන්න බැරි තරමේ සතුටක්. අතුරු අන්තරාවලින් පිරිච්ච මේ ලෝකයේ ඔබට ඔබේ ආත්මාරක්ෂාව ඇතිව දිවිගෙවන්නට ශක්තියක් ඔබට ලැබේවි ය කියලයි මං විශ්වාස කරන්නෙ. පස් හැවිරිදි දැරියක‍ සේ ද යුවතියක සේ ද අද මැදි වියේ පසුවන කාන්තාවක සේ ද මා විඳින ලද අනේක විධ හිරිහැර බාධක දුක්කමකටොලු මේ ලෝකයේ උපන් හෝ උපදින හෝ වෙනත් කිසිම ගැහැනියකට නොවේවා යනු මගේ පැතුම යි. හැබැයි මං ඒ සියල්ල, සියලු බාධක ජයගන්නට තරම් වීර්යයෙන් පියවරෙන් පියවර ඉස්සරහට තිබ්බා.

ඉතින් ඔබට මා කියන්නේ ජීවිතය අයාලේ යන්නට නොදී හැම වෙලාවෙ ම යමක් කරන්නට කලින් දෙවරක් නොව තුන් හතර වරක් ම හොඳට හිතන්න. ජීවිතයකට වරදින්න මහ වෙලාවක් ගත වෙන්නෙ නෑ. අපි ලබන සතියෙ හමුවෙමු.!

 

මම හනී පර්සොනන් ( Hannele Pesonen&