උණුසුම් පුවත්

MCC ගිවිසුම ගැන රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ – අමාත්‍ය මහින්ද අමරවීර මහතා

එම්සීසී ගිවිසුම ගැන බොහෝ දෙනෙක් අපෙන් අහනවා මැතිරණයෙන් පසුසේ ඒ් ගිවිසුමට අත්සන් කරන්නද හදන්නේ කියළා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන අපි හැමදාම හිටියේ එකම ස්ථාවරයේ. ඒ් ස්ථාවරය මෙතෙක් වෙනස් වෙලා නැහැ. ඒ් වගේම මේ මහමැතිවරණයෙන් පස්සේ වුනත් එම ස්ථාවරයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. මොකද ජනාධිපතුතමාත්, අගමැතිතුමාත් මේ සම්බන්ධව පැහැදිළි  එකම ස්ථාවරයක සිටිනවා.

ඒ් නිසා මම වගකීමෙන් කියනවා එම්සීසි ගිවිසුම ක්‍රියාත්මක කරන්න හෝ ඊට අත්සන් කිරීමට හෝ රජය පියවර නොගන්නා බව යැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

අමාත්‍යවරයා මෙමඅ දහස් පළ කළේ ඊයේ 927) හම්බන්තොට පැවැති රැස්වීම් කිහිපයක් ඇමතීමෙන් පසුව  මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනි.

අපේ රටේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ගිය සතියේ මාව මුන ගැහුනා. සාමාන්‍යයෙන් තානාපතිවරු අමාත්‍යවරු හමුවී සාකච්ඡා කරනවා. විවිධ තානාපතිවරුන් මා හමුවෙනවා. මෑතක දී ජපානය හා ඉන්දියාවේ තානාපතිවරු සමගත් මම සාකච්ඡා කළා. ජපානයේ හා ඉන්දියාවේ තානාපතිවරු හා මහකොමසාරිස්වරුත් මාත් සමග සාකච්ඡා කළේ විදුලිබල සංවර්ධනය හා ප්‍රවාහණ සේවා සංවර්ධනය පිලිබඳව.

ඒ් වගේම ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මාව මුන ගැහුණේ විශේෂ රාජකාරි සාකච්ඡාවකට නොවෙයි. දැනට මාස කිහිපයක සිට එතුමිය මාව මුන ගැහෙන්නට අවශ්‍යයි කියලා ඉල්ලීමක් කර තිබුනා.

ඊයේ සමහර මාධ්‍යවල පළවුනා එතුමිය මාව හමුවුයේ MCC ගිවිසුම යටතේ විදුලි බල හා ප්‍රවාහණය සම්බන්ධව සාකච්ඡා කරන්න කියා. එම් සී සී ගිවිසුමේ තියෙනවාලු විදුලිබලය හා ප්‍රවාහණය සම්බන්ධවත්. සමහර විට එහෙම කරුනු තියෙන්න පුලුවන්. ඒ් වුනත් ඒ්ක මට අදාල වෙන්නේ නැහැ. මොකද, මම කිසි විටෙක රටට හානියක් වන තීන්දු තීරණ ගැනීමට කිසි දිනෙක කටයුතු කර නැති නිසා.

නමුත් මම කියන්න කැමැතියි.. එතුමිය කියා අපේ රටේ විදුලිබල සංවර්ධනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව මගෙන් විමසා සිටියා. මම එතුමියට පැහැදිලි කළා අපේ ඉළක්කය විශේෂයෙන් ජනාධිපතිතුමන් විසින් දී ඇති උපදෙස් පරිදි 2030 වනවිට ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 80ක් පුනර්ජනනීය බලය යොදා ගැනීමත් ඒ් සඳහා පුනර්ජනනීය විදුලිබලය උත්පාදන වයාපෘති රැසක් අපි ආරම්භ කළා කියළා.

ඒ් අනුව ගත් ක්‍රියාමාර්ග අනුව මේ වනවිට මන්නාරම සුළං බල විදුලි ව්‍යාපෘතිය කටයුතු දැන් අවසන්. මෙම වසර අවසන් වන විට ඉන් මෙගවොටි 104ක් ජාතික විදුලි පද්ධතියට එක්වෙනවා. ඒ් වගේම ලබන මාසයේ යාපනය සූර්ය බල ව්‍යාපෘතියෙන් මෙගවොට් 20ක්, උමාඔය මෙගවොට් 140ක්, වශයෙන් එක්වීමට නියමිතයි.

ඒ් වගේම රජය විසින් ලංකාවේ පළවෙනි LNG බලාගාරය හා නොරොච්චෝලේ ගල් අගුරු නව බලාගාරය සඳහා අනුමැතිය දී තිබෙනවා. ඒ් දෙක මගින් 2023 වනවිට මෙගවොට් 600ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ඒක්වෙනවා. 2023 මේ රටේ විදුලිබල ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන වසරක් වන බව මට විශ්වාසයි.

මම මේ කරුණු එතුමියට පැහැදිළි කළා. ඒ් අනුව එතුමිය මට කිව්වා ඔිනෑ ම අවස්ථාවක ඒ් සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් කියළා.ඒ්ක MCC ගිවිසුමට සම්බන්ධ කාරණයක් නොවෙයි.

MCC ගිවිසුම ගැන රජයේ ස්ථාවරය පැහැදිලියි. MCC ගිවිසුම  පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය අත්සන් කළේ 2020  ජනාධිපතිවරණය පැවැති අතරතුර. ඒ්ක රටේ හැමෝම දන්නවා. රට පාවා දෙන MCC ගිවිසුමට සහාය දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. අපේ රජය මුල් අවස්ථාවේම තීරණයක් ගත්තා MCC ගිවිසුම ගැන කුණුකූඩයට දාන්න. එම ස්ථාවරය තවමත් ක්‍රියාත්මකයි. MCC ගිවිසුම  වත්මන් රජය යටතේ ක්‍රියාත්මක නොකරන බව මම  පැහැදිලිවම ප්‍රකාශ කරනවා.