අර්ජුනත් අත්අඩංගුවට ගන්න බව කොමිසම කියයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අධිකරණයට ඉදිරිප්ත කරන ලදුව ඇප මත මුදා හැර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට පත් හේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප මත නිදහස් කර ඇත.
2017 - 2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03 ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර්, ක්‍රියාත්මක කිරීම මත, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් සිදු කරන ලදැ යි සිදු කරන පරීක්ෂණයකට අනුව රණතුංග මහතා අත්අඩංගුවට ගැනුුුණි.
කොමිසම විසින් අධිකරණයට දන්වන ලද්දේ මෙම සිද්ධියට සැකකරුවකු ලෙස, හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ය.
