පොදුජන පෙරමුණේ උපදෙස් නොතකා කටයුතු කිරීම ඔහුට නැඟී ඇති චෝදනාව යිදුජන පෙරමුණේ උපදෙස් නොතකා කටයුතු කිරීම ඔහුට නැඟී ඇති චෝදනාව යි
ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සේ අද (20) පත්වූ ප්‍රියන්ත සහබන්දු මහතා ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිද් අත්හිටවා ඇතැ යි පොදුජන පෙරමුණු ආරංචි මාර්ග දක්වයි.
ඒ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙනි.
අද උදේ පැවති ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීමේ දී ගාලු පුරපතිවරයා හා නියෝජ්‍ය පුරපති තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්දයේ දී විවෘත ඡන්දයක් පවත්වන්නට විපක්ෂය කළ ඉල්ලීම ප්‍රකාරව කටයුතු නොකරන ලද අවස්ථාවේ විපක්ෂයේ නාගරික ජනතා නියෝජිතයින් සභා ගැබෙන් බැහැරව යද්දී සහබන්දු මහතා පමණක් රැඳී සිටිමින් පක්ෂ නියමය කඩකර ඇතැ යි ඔහුට නැඟෙනා චෝදනාව යි.