උණුසුම් පුවත්

අද රෑ 12 පටන් බස් ගාස්තු අඩු වෙන්නෙ මෙහෙමයි

අන්තර්වාර බස්ගාස්තු සංශෝධනය - 2024 ඔක්තෝම්බර් 01 මධ්‍යම රාත්‍රියේ සිට සියලු මාර්ගයන් හි ධාවනය කෙරෙන බස් රථවල මගි පුවාහන ගාස්තුව 4. 24% කින් අඩු කරන්නට ගමනාගමන කොමිසම පියවර ගෙන ඇත. ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභොගි සේවා, සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා ගමන් ගාස්තු අඩු කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අනුමැතිය ලබා දී ඇති බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදයෙහි සඳහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ධාවනය කරනු ලබන බස් රථ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි විසින් විසින් නිකුත් කළ වලංගු මගීසේවා අවසර පත්‍ර යටත‌ේ ධාවනය වන පෞද්ගලික බස් රථවල බස් ගාස්තු මෙපිරිදි සංශෝනයට ලක්ව ඇත.