උණුසුම් පුවත්පරිසරය

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අද (17) ඇරඹේ

සිසු සිසුවියෝ 4,74, 147 ක් විභාගයට පෙනී සිටිති.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) 2024 විභාගය අද ඇරඹේ.
අද සිට මාර්තු 26 වැනිදා දක්වා පැවැත් වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා සිසු සිසුවියෝ   4,74, 147 ක් පෙනී සිටිති. 
මේ අපේක්ෂකයින්ගෙන් දරු දැරියන් 398182 පාසල් අයදුම්කරුවන් හා අයදුම්කාරියන් ය. 

බාහිර අපේක්ෂකයින් සංඛ්‍යාව 75, 965 කි.

විභාග මධ්‍යස්ථාන 3663  ක දී මොවුහු අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පිළිතරු ලියති.