හේ ප්‍රදීප් යසරත්න යි
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද පස්වරුවේ ( 25) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි.
1998 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු පරිපාලන සේවයට එක්ව ඇති අතර, සහකාර ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශිය ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් වැනි තනතුරුවල කටයුතු කර තිබේ.
2020 සිට 2022 දක්වා කාලය තුළ කොළඹ දිසාපති ලේකම් ධුරය හෙබවූයේ ඔහු ය. 2023 වසරේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරයේ නිර. විය.
පසුව 2024 වසරේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළා ත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් වු යසරත්න මහතා, වත්මන් ජනාධිපති, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නව රජය යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කරනු ලැබී ය.