ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මාධ්‍ය හමුවේ දී
අධිකරණ පද්ධතියම විනාශ කිරීමේ ඉලක්කයක් අද පෙනෙන්නට තිබෙනවා
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ කොළඹ සංවිධානයේ සභාපති නීතීඥ හේමක සේනානායක මහතා
අද වන විට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් අධිකරණයට කරනු ලබන බරපතළ තර්ජනයටත් බලපෑමටත් විරුද්ධව ජාතික ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ නීතිඥයන් විරෝධය පළ කරනවා. අවස්ථා ගණනාවකදි අධිකරණයේ ස්වාධීනත්වයට සහ අධිකරණයේ නිදහසට පාලකයන් විසින් දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ අර්ථනිරූපණයක් නැතිනම් නඩු තීන්දුවට එරෙහිව, මේ රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා විසින් ‘ජුඩීෂියල් කැනිබලිසම්’ යන වචනය පාවිච්චි කරමින් අදහස් ප්‍රකාශ කරනවා.
‘කැනිබල්ස්ලිසම් කියන්නේ මිනීමස් කන පුද්ගලයන්ටයි. අධිකරණය මිනීමස් කන තත්වයට පත්වී තිබෙන බව තමයි ඔහු මේ ප්‍රකාශයට පත් කරන්නේ. ඒ විතරක් නොවෙයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් විමර්ශනය කර බලන්න පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ යුතු බවත් කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් බවට පත්වන්නෙ පහළ අධිකරණවල සිට ක්‍රමයෙන් උසස්වීම් ලබා විශිෂ්ට දැනුමක් සහ අත්දැකීම් තිබෙන විනිසුරුවරුන්. මෙයට කලින් ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණා. ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කළ පසු අධිකරණ ඇමතිවරයා සහ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රහාර එල්ල කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණය විවේචනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබාදුන් බව අපි දන්නවා. නමුත් මේ පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට පහර එල්ල කිරීමට අමතරව අධිකරණ ඇමතිවරයාගේ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරුන්ගේ සංගමයෙන් විවේචනයක් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා නිවේදනයට අත්සන් තැබූ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවක් හමුවට කැඳවිය යුතු බව ලිඛිතව කථානායකවරයාට දන්වා තිබෙනවා.
ඊළඟට නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ පරාජය වුවද නැවතත් ඒ නම යෝජනා කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකට ගෝලයෙකු වන ගෝනවල සුනිල් යොදවා අධිකරණයට බලපෑම් කළ ආකාරය සහ කළු ලකීලා මෙහෙයවා විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ප්‍රහාර එල්ල කිරීම වගේම අධිකරණයෙන් වැරදිකරුවන් කළ අයට ජනාධිපති සමාව ලබාදුන් ඉතිහාසය නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය ජනතාවට විශ්වාසය තිබුණේ අධිකරණ පද්ධතිය කෙරෙහියි. ඔවුන්ගේ ඒ තිබූ විශ්වාසය බිඳ දමා අධිකරණ පද්ධතියම විනාශ කිරීමේ ඉලක්කයක් අද පෙනෙන්නට තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සූදානමින් සිටින ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබෙනවා.
වර්තමානයේ අධිකරණයට එල්ල කරමින් තිබෙන මේ තර්ජනයට ජාතික ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ දැඩි විරෝධය පළ කරනවා. අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගේම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපිත් අධිකරණයට කරන අතපෙවීම්වලට එකාවන්ව විරෝධය පළ කරනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට මැදිහත්වීමට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවකට කිසිදු නීතිමය පදනමක් නැහැ විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු යැයි කරන යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද කමිටුවේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැණියි.
අධිකරණ ඇමතිවරයා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් නිුත් කරන ලද නිවේදනයට එරෙහිව කථානාකයවරයාට ඉදිරිපත් කර තිබෙන ලිපිය අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.
නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා
ජනතාව තුළ අධිකරණය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ දැමීම සඳහා ගෙනයන ක්‍රියාමාර්ග අතර, අධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට ගෙන්වා දඬුවම් ලබාදිය යුතු බවට මතයක් තහවුරු කරන්න උත්සාහ කරනවා. නමුත් එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ දඩ ගැසීමක් කිරීමේ කිසිදු හැකියාවක් පාර්ලිමේන්තුවට නැහැ.
පාර්ලිමේන්තු කමිටුවකට කළ හැක්ක් යම්කිසි පුද්ගලයෙකුට අවවාද කිරීම පමණයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මැතිවරණය පැවැත්විය යුතු බවට නියෝගයක් කළා. ඒ අවස්ථාවේදී එක්තරා මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ අදාළ විනිසුරුවරුන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වා දඬුවම් ලබාදිය යුතු බවයි. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙන් පවතින ‘ඒ ’සහ ‘බී’ යන උපදේශන දෙකේ කිසිම තැනක අධිකරණයක් මගින් එම බලතල හා වරප්‍රසාද උල්ලංඝනය වන බව දක්වා නැහැ. නමුත් මහජනතාව අතර එවැනි දුර්මතයක් පැතිරවීම සම්බන්ධයෙන් ඔවුන් වගක ියන්න ඕනෑ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට එරෙහිව ක්‍රියාකිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ යුතු බව ප්‍රකාශ කරමින් මහජනතාව භීතියට පත්කර නොමඟ යැවීමේ යෙදී සිටිනවා.
ඒ හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවකට මැදිහත්වීමට කිසිදු නීතිමය පදනමක් නැහැ.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන කිසියම් තීන්දුවක් පිළිබඳව ගැටලුවක් පවතිනවා නම්, ප්රතිශෝධනයක් කිරීමේ අයිතියරජයට ලබාදී තිබෙනවා. එහෙම නම් ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් රජය වෙනුවෙන් ප්රතිශෝධනයක් ඉල්ලිය යුතු වෙනවා. නමුත් විධායක ජනාධිපති නීතිපතිවරයාට එවැනි උපදේශයක් ලබාදී නැහැ. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර කිසියම් ගැටලුවක ් පැන නගිනවා නම් එය විසඳා ගන්නා ශිෂ්ට සම්පන්න ආකාරය පැහැර හැර ඇති බව තහවුරු වෙනවා. රජයේ නීතිපතිවරයා මගින් එවැනි ප්රතිශෝධනයක් සඳහා ඉල්ලීමක් නොකර අධිකරණයට නිර්දය ලෙස පහර ගසනවා. ජනතාවගේ පරමාධිපත්‍යයේ බලයේ කොටසක් වන අධිකරණය සමච්චලයට ලක්කරනවා. අධිකරණය කෙරෙහි මහජනතාවගේ තිබෙන විශ්වාසය පහතට ඇද දමනවා.
නීතිපතිවරයා මගින් එවැනි නීත්‍යානුකූල කටයුතු ඉටු කර ගන්නේ නැතිව ඔහුට සේවා දිගුවක් ලබාදෙන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බලපෑම් සහගතව ජනාධිපතිවරයාගේ මැදිහත්වීම් සිදුකරනවා.
ඒ වගේම වර්තමාන අධිකරණ ඇමතිවරයා නීතිය සම්බන්ධයෙන් ලියා තිබෙන පතපොත බොහො ් කටයුතුවලදී පරිහරණය කරනවා. නමුත් ඒ අධිකරණ ඇමතිවරයා එක් දේශපාලන පක්ෂයකින් මහජන නියෝජිතයෙකු ලෙස අවුරුදු පහකට තේරී පත්වී සිටියදී වෙනත් පක්ෂයක සභාපති ධුරයක් බාරගැනීම පිළිබඳව ආරාවුලක් කොළඹ දිසා අධිකරණයට යොමු කර තිබුණා. එවැනිම තත්වයක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටත් පවතිනවා. අධිකරණ ඇමතිවරයාගේ ආරවුල පවතින්නේ ඔහුගේ පුද්ගලික කටයුත්තකට අදාළවයි. නමුත් අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුව තුළ ඔහුගේ නඩුව විභාග කළ සිවිල් අධිකරණයට දැඩි ප්‍රහාරය එල්ල කිරීම අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර පැවතිය යුතු මූලධර්ම එළිපිට උල්ලංඝනය කිරීමක්.
අද අධිකරණයේ පවතින නඩු ගොඩගැසීම, අධිකරණ කටයුතු වෙනුවෙන් දුරබැහැර සිට පැමිණීමට සිදුවීම වැනි කටයුතු වෙනුවෙන් කර තිබෙන ප්‍රකාශයක ් අධිකරණ ඇමතිවරයා විසින් සමච්චලයට ලක්කළා. අධිකරණයේ සිදුවිය යුතු සැබෑ වෙනස්කම් නොසලකා හරින අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී තමන්ගේ නඩු සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම බරපතළ වරදක්. අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවරී තිබෙන බලතල අනුව අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු යැයි කරන යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද කමිටුවේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැණියි.
අධිකරණ ඇමතිවරයා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයට එරෙහිව කථානාකයවරයාට ඉදිරිපත් කර තිබෙන ලිපිය අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.
ජනතා ඡන්දයෙන් පත් නොවූ ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට රට පාලනය කරන්න හදනවා
නීතිඥ දනුෂ්කි ලියනපටබැඳි මහතා
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන තීන්දුව පිළිගත නොහැකි නම් මුල් විභාගය කළ විනිසුරුවරුන්ට වඩා වැඩි විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත විභාගයට ලක්කිරීමේ හැකියාව තිබෙනවා. මුල් විභාගය පැවැත්වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙක් නම් එය පස්දෙනෙකු හෝ හත් දෙනෙකු වශයෙන් වැඩි විනිසුරුවරුන් සංඛ්‍යාවක් ඉදිරියේ නැවත විභාග කරන ලෙස ඉල්ලා සිටිය හැකියි. ඔවුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ගැන කතා කළත් අද පවතින්නේ ජනතා අනුමැතියක් නැති පාර්ලිමේන්තුවක්. එවැනි තත්වයක් තුළ නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති දැඩි වෙහෙසක් දැරීම සම්බන්ධයෙන් මහජනතාව තුළ දැඩි සැකයක් ඇති විය හැකියි.
අධිකරණ ඇමතිවරයා පසුගිය කාලයේ තවත් චෝදනාවක් එල්ල කර තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ නඩු විභාගවලදී සුළු දඩයක් නියම කර, මුදාහරින බවට චෝදනා කළා. නමුත් නීත්‍යානුකූලව විනිසුරුවරුන් නඩු තීන්දු ලබාදී තිබෙන්නේ නීති ප්‍රතිපාදනවල සඳහන් ආකාරයටයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්
සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරන ආකාරය පසුගිය කාලයේ අපි දැක්කා. මේ කටයුතු සියල්ලම අවසාන වශයෙන් බලපාන්නේ පොදු ජනතාවටයි. ආණ්ඩුවේ අය මේ ආකාරයට අධිකරණයට ප්‍රහාර එල්ල කළාම ජනතාව තුළ අධිකරණය කෙරෙහි සැකයක ් ඇති වෙනවා. 1977දී ප්‍රථම විධායක ජනාධිපති ලෙස ජේ.ආර්. ජයවර්ධන පත්වන්නේ ජනතාවගේ ඡන්දයෙන් නොවෙයි, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් එකතු කරලයි. ඒ ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා වන වර්තමාන ජනාධිපතිවරයාත් ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් නොවී තමන්ට අවශ්‍ය ආකාරයට රට පාලනය කරන්න උත්සාහ කරනවා. ව්‍යාජ ලිපි ලේඛන සකස් කර, විවිධ අකටයුතුකම් කරන මැති ඇමතිවරු රැසක් සිටිද්දී ස්වාධීනව කටයුතු කරන අධිකරණයට මේ ආකාරයෙන් දේශපාලන අත පෙවීම් සහ බලපෑම් කිරීම අපි දැඩි ලෙසම හෙළා දකිනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා
ලෙස සහභාගි වූ අධිකරණ ඇමතිවරයා අතීතයේ සිදුවීමක් සම්බන්ධයෙන් ගෙනහැර දැක්වූවා. විජේදාස ලියනාරච්චි නීතිඥවරයා ඝාතනය කළ අවස්ථාවේ පාරට බැස විශාල උද්ඝෝෂණයක් කළ ප්රගතිශීලී නීතිඥවරුන් කොටසක් ලංකාවේ සිටින බව අවධාරණය කළා. එවැනි ප්රගතිශීලී නීතිඥවරුන් මේ අවස්ථාවේදී නිහඬව නොසිටිය යුතු බවට අවධාරණය කළා.
ඉස්සර හොරු සහ මංකොල්ලකරුවන් කැළෑවල සිටියත් අද ඔවුන් සැඟවී සිටින්නේ පාර්ලමේන්තුවේ. යයි ද හේ ප්‍රකාශ කළේ ය.