නත්තල් ගී ගයා ජනහද සුවපත් කළ ගායකයා
හෙළයේ සංගීත ක්ෂේත්‍රය වර්ණවත් කළ, ගායන ශිල්පියකු අනිල් භාරතී මහතා ඊයේ (22) දිවිසැරිය නිමා කළේ ය. ඔහු මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු විය.
රෝගාතුර වී පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ය.
අද වෙයි ඉරු දින, ඉරු දින පමණක්, හිරු ඉපදෙන විට, මා ආදරෙයි නංගියෙ,සඳයි තරුයි රැයයි හිරුයි, සුළඟ සමග එකතු, රන්මලියයි සිරිමලියයි, සිහිනිඟ වටකුරු වැනි, ඔහු ගැයූ ගීත ජන හදවත් හී නිබඳව ම නින්නාද වන්නේ ය.
අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත බහුතරයක් නත්තල් ගීත වීම විශේෂත්වයි. බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය මහත් සේ ජනහදවත් හි ඇඳී බැඳී පැවතෙණු ඇති.
මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙක් වූ අනිල් භාරතී මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් අඩසිය වසරක් ලාංකේය රසිකයන් පිනවමින් ඒ හැම හිතකට ම ආනන්දය ගෙන දුන් අති දක්ෂ ගායකයෙකි.
දෙටු ගායකයාණෙනි!