වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව ජනතාව මුහුණ පා සිටින ගැටලු ගැනත් අදහස් හුවමාරු කර ගනී
ජාතික ජන බලවේගයේ නායකයා සහ උතුරේ ආගමික නායකයින් අතර හමුවේ අවස්ථා කිහිපයකි මේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) පෙරවරුවේ යාපනයේ සිදු කරන ලද සංචාරයේදී යාපනය ශාන්ත මරියා ආසන දෙව්මැදුරු ශාලාවේදී යාපනය කතෝලික රදගුරු පදවි අනුනායක ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමාද, ඉලවාලෙයි කතෝලික මීසම භාර ගරු ජෙයකුමාර් පියතුමාද ඇතුළු කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් පිරිසක් හමුවී සාකච්ඡා කළේය.
මේ අවස්ථාවට ජාතික ජන බලවේගය වෙනුවෙන් විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර්, විධායක සභික බිමල් රත්නායක, කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විජිත් රොහාන් හා අජිත් හැඩ්ලි පෙරේරාද, ගරු සරත් පීරිස් පියතුමා, සුසිල් හෙට්ටිආරච්චි සොහොයුරාද එක්ව සිටියහ.
මෙහිදී රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනිණි. ගරු පියතුමන්ලා හා පැවිදි සොයුරියන් නැගූ විවිධ ප්‍රශ්නවලට අනුර දිසානායක සහෝදරයා ඒ පිළිබඳ ජාතික ජන බලවේගයේ ස්ථාවරය පිළිබඳ පැහැදිළි කිරීමක්ද කළේය.