උණුසුම් පුවත්කාලීනපරිසරයවිශේෂාංග

අඳුරු දිනයන්ට ධෛර්යමත්ව මුහුණ දෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබ සැමට ඇති වග මට සහතිකයි

මේ මොහොතේ මනුෂ්‍යත්වය මූලික කර ගනිමින් කටයුතු කරන සැමට මම මගේ හිස නමා ආචාර කරනවා - හිටපු ජනපති මහින්ද

                                                                                  (ඡායාරූපය - දිවයින පුවත්පතෙනි)

පවතින අයහපත් කාළගුණික ස්වභාවය තුළ නිර්මාණය වී ඇති ස්වාභාවික ආපදාමය තත්ත්වය හේතුවෙන් අප රටේ බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුව ඇති ඛේදජනක සිදුවීම් අපට ඇසෙන, පෙනෙන සහ දැනෙන අවස්ථාවක අපගේ කම්පනය සහ වේදනාව යම් තරමකින් හෝ අවම කර ගත හැකිව තිබෙන්නේ අපට දකින්නට සහ අසන්නට ලැබෙන මනුෂ්යත්වයේ ක්රියා හේතුවෙනි. මේ මොහොතේ මනුෂ්යත්වය මූලික කර ගනිමින් කටයුතු කරන සැමට මම මගේ හිස නමා ආචාර කරමි. සැමට දළදා හාමුදුරුවන්ගේ පිහිටත්, ආරක්ෂාවත් ප්රාර්ථනා කරමි.

සිය මුහුණු පොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ දක්වා ඇත. එහි වැඩි දුරටත් හෙතෙම මෙසේ සඳහන් කරයි
මෙම ආපදා තත්ත්වය තුළ සිදුව ඇති හානිය කොපමණ දැයි මෙතෙක් අප දන්නේ නැත. ජීවිතක්ෂයට පත්වූවන්, අතුරුදහන් වූවන්, අවතැන් වූවන් සහ අනතුරු සඳහා මුහුණ දුන් තැනැත්තන් වෙනුවෙන් ආරක්ෂිත මෙහෙයුම් සහ සහන වැඩපිළිවෙළවල් ක්රියාත්මක කරමින් ඉතා ඉක්මන් සම්බන්ධීකරණයක් මෙන් ම මැදිහත් වීමක් අවශ්ය මෙවැනි අවස්ථාවක රටක් ලෙස එක්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත්වේ. පවතින රජය විසින් මේ වෙනුවෙන් ගනු ලබන ක්රියා මාර්ග සඳහා අවශ්ය දායකත්වය කිසිදු භේදයකින් තොරව ලබා දීමට අප සැම කටයුතු කළ යුතු බව දක්වනු කැමැත්තෙමි. බලයේ සිටින මෙන්ම බලයේ නොසිටින සියලු දේශපාලන සාමාජිකයින්, විශේෂයෙන්ම මෙවැනි ආපදා තත්ත්වයන් තුළ කටයුතු කර ඇති අත්දැකීම් සහිත ජනතා නායකයින් හැකි අයුරින් තම ප්රදේශයන්හි ආපදා කළමනාකරණ කටයුතු සඳහා මැදිහත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. පක්ෂ විපක්ෂ භේදයන්ට වඩා රට ඉදිරියෙන් තබමින් භේදයන් නොව මේ භූමියේ මිනිසුන් නියෝජනය කරන ලෙස ඉල්ලා සිටිමි. මෙවැනි අවස්ථාවක රජයක් කෙතරම් අපහසුතාවයට පත් වන්නේ දැයි මම හොඳින් දනිමි. මෙම ආපදා තත්ත්වය තුළ තම සේවය උපරිමයෙන් ලබා දෙන පොලීසිය, ත්රිවිද හමුදාව, අමාත්යාංශ ලේකම්වරුන්, දිස්ත්රික් හා ප්රාදේශීය ලේකම් වරුන්, ග්රාම නිලධරයන්, සමෘධි නිලධරයන්, සෞඛ්ය සේවා නිලධරයන් ඇතුළු අත්යවශ්ය සේවා සපයන රජයේ නිලධරයට සහ ජනමාධ්ය ආයතනයන්ට මෙන්ම විශේෂයෙන් අප රටේ ජනතාවට මාගේ ස්තුතිය ප්රකාශ කරමි.
ව්යසනයෙන් හානියට පත් අපේ ප්රදේශයේ අසල්වැසි ප්රජාවගේ ක්ෂණික හා කෙටි කාලීන අවශ්යතා සපුරාලීමට අපට හැකි ලෙස සහයෝගය ලබා දෙමු. අප සැමගේ බලාපොරොත්තු බිඳ වැටී ඇති මෙවැනි අවස්ථාවක වුව ද ඔබ ද ආරක්ෂා වෙමින්, හැකි අයුරින් අනෙකා වෙනුවෙන් ඔබගේ විශ්වාසයේ දෑත් දිගු කරන ලෙස මම ඉල්ලා සිටිමි. අපි රටක් ලෙස ස්වාභාවික ව්යසනයන්ට, ඛේදවාචකයන්ට මුහුණ දී ඇත්තෙමු. එම අභියෝග ජයග්රහණය ද කර ඇත්තෙමු. එබැවින්, අඳුරු දිනයන්ට ධෛර්යමත්ව මුහුණ දෙන්න. ඒ සඳහා අවශ්ය ශක්තිය ඔබ සැම තුළ පවතින බව අන් කිසිවෙකුටත් වඩා මම හොඳින් දනිමි. එකතුවීම අපව නැගිටුවයි. එක්ව බැඳී, එක්ව කටයුතු කර, අප සැම ආරක්ෂා වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.!