උණුසුම් පුවත්

අපේ රටට තවම කරවල ටික උම්මලකඩ ටික හදාගන්න බැහැ

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්යාරත්න

 

 

 

 

 

 

 

මේ රටේ බලය ගන්න පංච මහා බලවේග එකතු කළා ඔබට මතක ඇති. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ඒ බලවේග පහ දැන් ඉන්නවාද? දැන් එයාලා ළඟ ඉන්න බලවේගය දන්නවාද? පාතාල බලවේගය, කුඩු බලවේගය, හොරු ඇතුළු දූෂිත බලවේග, ජාතිවාදී-ආගම්වාදී බලවේගය. හැට නව ලක්ෂයක් ඡන්දය ගත්තේ පාස්කු ප්‍රහාරයක් ඇති කරලා බව හැමෝම දන්නවා. මේ නිල්, කොළ පාලකයන් තුරුලේ පාතාලය හුරතල් වෙන නිසා පාතාලය විනාශ කරන්න බැහැ. මත්ද්‍රව්‍ය ගේන ලොක්කෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන් අල්ලන්නේ නැහැ.

පංච මහා බලවේගයට තවත් බලවේග එකතු කරලා, ලෝකයේ අභිමානවත් රටක් හැදීම උදෙසා සකල විධ බලවේග එක මිටකට ගෙන ආ බලවේගය තමයි ජාතික ජන බලවේගය. රටට ආදරය කරන මහා සංඝ රත්නය අපිත් එක්ක එකතු වෙලා තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සමුළු අපි ආරම්භ කළා. ගුරු සංගම් රට පුරා පවත්වමින් ජාතික ජන බලවේගය වටා එකතු කොට තිබෙනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රටපුරාම ගොවියන් එක කඳවුරකට ගෙනැත් තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික සේවයේ විවිධ ක්ෂේත්‍රවල සිටින සියලුම කම්කරුවන් එකතු කොට දැවැන්තම වෘත්තිය සමිති ගොඩනගා ජාතික ජන බලවේගයට එකතු කොට තිබෙනවා. පංච මහා බලවේගය ඉක්මවා, තවත් දැවැන්ත බලවේගයක් ලෙස සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයත් අපි එකතු කොට තිබෙනවා. මෙතෙක් මේ රට ගොඩනගන්න පාවිච්චි නොකරපු බලවේගයක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා බලවේගයක් ලෙස අපි වටා එකතු වී සිටිනවා. 56% ක් වූ ඡන්ද බලයක් හිමි දේශපාලනයෙන් අයින්කොට දමා සිටි කාන්තාවන් අපි බලවේගයක් ලෙස එකතුකොට තිබනවා. රට ගොඩනැගීමට රටට ආදරය කරන ඉංජිනේරු සංසද, මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් එකතු කරමින් ඉන්නවා. දාහතර හැටලක්ෂයක් වන ත්‍රී විලර් රියදුරන් බලවේගයක්. ලංකාවේ පළමුවෙනි ත්‍රී විලර් සමුළුව ඇඹිලිපිටියේදී තිබ්බා. නීතිඥ සංගම් අපි හැදුවා. ඒ සෑම බලවේගයක්ම අපි ජාතික ජන බලවේගය වටා එකතු කරනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් ඔබට ආර්ථික නිදහස, අධ්‍යාපන නිදහස ඇතුළු සැබෑ නිදහස ලැබිලා නැහැ. ඔබට සැබෑ නිදහස ලැබෙන්නේ මාලිමාව පෙරමුණු කරගත් ජාතික ජන බලවේගයේ ජාතික ආණ්ඩුවක් බිහිවුණු දාට පමණමයි. එදාට ලංකාව සැබෑ නිදහස දිනා ගන්නවා. එය අපි ලබාගත යුතු නිදහසක්. ඒ වෙනුවෙන් අපි ජාතික ව්‍යාපාරයක් හදන්න ඕනේ. ජාතික ව්‍යාපාරය බලය ගත්තාට පස්සේ, මහා ජාතික පුනරුදයකට රට තල්ලු කරන්න ඕනේ.

මේ රටේ තුන්ලක්ෂ පහළොස්දහසක් ධීවර ජනතාව කරදිය, මිරිදිය රස්සාවේ යෙදෙනවා. මේ ජොබ් ආණ්ඩුවෙන් දුන්න ඒවා නොවෙයි. මුහුදෙන් දීපු ජොබ්. මුහුදෙන් දීපු රස්සාවලට ආණ්ඩුව නිසා ප්‍රශ්න ඇතිවී තිබෙනවා. ධීවර රැකියාවට අනුබද්ධව අයිස් හැදීම, මාළු විකුණන අය, වාහන ගෙනියන අය, දැල් සපයන අය වශයෙන් විසිඑක්ලක්ෂ පනස් දහසක් පමණ ජනතාවක් ධීවර ක්ෂේත්‍රයේ නඩත්තු වෙනවා. ධීවර ක්ෂේත්‍රය සුවිශේෂී ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න නිරාකරණය කිරීමට පාලකයෝ කටයුතු කරන්න උවමනා නැත්ද? ලංකාවේ ප්‍රධාන ප්‍රෝටීන් සැපයුම්කරුවා ධීවරයා. මේ රටේ දරුවාට, අපට අවශ්‍ය ප්‍රෝටීන් ටික දෙන්නේ ඔබ. අවුරුදු දහස් ගණනක සිට ආ කර්මාන්තයක් මේක. දියුණු රටවල අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ස්මාර්ට් කර දියුණු කර්මාන්තයක් බවට පත්කර තිබෙනවා. හැබැයි අපේ ධීවර කර්මාන්තයට තාක්ෂණයෙන්, බුද්ධියෙන් පළක් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. නෝර්වේ, ජපානය, මැලේසියා, චීනය දියුණු කර්මාන්තයක් බවට පත්කර තිබෙනවා.

ඒ අර්බුදවලට පිළිතුරු සොයන්න එක් එක් ඒකක හදාගෙන තිබෙනවා. ‘යුක්තියේ මෙහෙයුම’ නමින් කුඩු අල්ලන මෙහෙයුමක් දියත් කර තිබෙනවා. දවස් හතළිහක් තුළ 59000 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවට පම්පෝරි ගහනවා. මේ පාලකයෝ අවුරුදු 76 ක් තුළ හදපු රට තිබෙන තැන. තව ඒකකයක් හැදුවා බස්වල, කෝච්චිවල යන කාන්තාවන්ට අතවර කරන අය අල්ලන්න. මේ ඒකක හදන්න වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයෙන් එහාට ගිය සමාජ, සංස්කෘතික අර්බුදයන් බවට පත්වුණා ම. දරුවන්ට ඉගෙන ගන්න බැරිවෙන, තුන්වේල කන්න නැති, සෞඛ්‍ය වශයෙන් පිරිහෙන තත්වයකට පත්වෙලා. අර්බුද ඉවර නැහැ. අර්බුදය වචන අස්සේ හංගන්න හදනවා. මේ පාලකයෝ ඉන්නකම් අර්බුද ඉවර වෙන්නේ නැහැ.

දැන් පාලකයෝ කියනවා, මේ රට දැවැන්ත අර්බුද ගණනාවකට ගොදුරු වුණාලු ඒ අර්බුදයෙන් ගොඩගත්තේ රනිල් රාජපක්ෂලු. පෝලිම් නැහැලු. තෙල් ඕනෑ තරම් තිබෙනවාලු. 2019 ආණ්ඩුව පිහිටුවන කොට ඩීසල් ලීටරය තිබුණේ රු:104/- ට. දැන් ඩීසල් ලීටරය රු:363/- යි. පෙට්‍ර්ල් ලීටරය රු:136/- යි. දැන් පෙට්්‍රල් ලීටරය රු:371/- යි. හැබැයි ඒ කාලෙත්, දැනුත් බලයා කිලෝ එකකින් ධීවරයට ලැබෙන මිල එකම මට්ටමක තිබෙන්නේ. ඒකේ වෙනසක් වෙලා නැහැ. ඒ කාලේ තිබුණු හාල්, සීනි මිල දැන් වැඩි වෙලා. ප්‍රශ්නේ විසඳුවා නම් ඉස්පිරිතාලේ බෙහෙත් තියෙන්න ඕනෑ. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් රට අතහැර නොයා ඉන්න ඕනෑ. ව්‍යාපාර, කර්මාන්ත වැහෙන්නේ නැතුව තියෙන්න ඕනෑ. නිවාස දසලක්ෂ හැටනව දහස් පන්සිය හැටතුනකගේ නිවාසවල විදුලිය, විදුලි බල මණ්ඩලය විසින් කපා දමා තිබෙනවා. පාලකයෝ කියන විදිහට ප්‍රශ්නෙ විසඳලාද? ආර්ථික අර්බුදය ඉහළටම නැගලා ඉන් එහාට ගිහින් සමාජ අර්බුදයන් ඇති වෙලා.