උණුසුම් පුවත්කාලීනදේශපාලනසෞඛ්‍යය

අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට ගිය ඇමති දොස්තර නලින්ද ජයතිස්ස

අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති 02 ක් නැවත ආරම්භ කරයි

අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති 02 ක් රුපියල් මිලියන 1304 ක මූල්‍ය ප්‍රතිපාදන මත නැවත ආරම්භ කෙරේ.

නියමිත කාලසීමාව තුළ ඉහත ව්‍යාපෘති අවසන් නොකිරීම මත ව්‍යාපෘති දෙක අවසන් කිරීමට මුල් ව්‍යාපෘති ඇස්තමේන්තු ගත මුදල මෙන් දෙගුණයක මූල්‍ය පිරිවැයක් රජයට දැරිමට සිදු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් සුවපත් රටක් උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙල තුළ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ යටිතල පහසුකම් සහ භෞතික සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව පසුගිය කාලයේ අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ ආරම්භ කර ඉදිකිරිම් නතර කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ මූලිකත්වය යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගත් අතර, ඒ අනුව රුපියල් මිලියන 950 ක මුල්‍ය පිරිවැයක් යටතේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයෙත් (A&E), රුපියල් මිලියන 354 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ කැතීටකරණ රසායනාගාර ඒකක සංකීර්ණයෙත් ආරම්භ කළ ඉදිකිරිම් කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.