උණුසුම් පුවත්ක්‍රීඩා

අමුගොඩින් ක්‍රීඩා ශූරයෝ රැසක්

කෙටිදුර දුවන්න දස්සයෝ

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් බද්දේගම ක්‍රීඩාංගණයේදී ඉකුත් 1 දා පැවති 48 වන ජාතික මලල ක්‍රීඩා තරඟාවලියේ දී අමුගොඩ මහා විද්‍යාලයේ කේ.පී.රුවිෂාන් සංකල්ප සිසුවාට අවුරුදු 14 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ට හිමි ශූරතාවය දිනා ගත්තේ ය.
එම තරඟාවලියේ දී අමුගොඩ මහා විද්‍යාලය ට හිමි වූ සෙසු ජයග්‍රහණ මෙසේය .
1.අවුරුදු 14 න් පහළ මීටර් 100,මීටර් 300 තරඟයෙන් ප්‍රථම ස්ථානය හා දුර පැනීමෙන් දෙවන ස්ථානය .
2.මීටර් 100,මීටර් 200,මීටර් 400 ප්‍රථම ස්ථානය බී.පැතුම් චාමික.
3.මීටර් 800,මීටර් 1500 මීටර් 5000 ඉසව් වලින් තුන්වන ස්ථානය ඇම්.ඒ.දිමුතු සඳරුවන්
4.මීටර් 200 තරඟයෙන් තුන්වන ස්ථානය හා මීටර් 400 තරඟයෙන් දෙවන ස්ථානය .පී.දසුන් අනුෂ්ක.

(මේ ජයග්‍රාහකයෙන් සමඟ සිව්වන ස්ථානය ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු ඔවුන් වඩාක් දිරිමක් නිරීම උදෙසා මෙසේ සටහන් තබමු - හෙළදිව - )

5 අවුරුදු 14 න් පහළ මීටර් 500 දිවීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය කේ.ඩබ්ලිව් .ඉමන්දි උමේදා
6 මීටර් 100,මීටර් 400 ඉසව්වෙන් හතරවන ස්ථානය ආර්.එම්.එන්. දෙව්මි ධනංජනා
7 මීටර් 800,මීටර් 1500 දිවීමේ ඉසව්වෙන් හතරවන ස්ථානය කේ.එස්.සමිත් නෙතුපුල්
8. යගුලිය දැමීම ,හෙල්ලය විසි කිරීම ,හතර වන ස්ථානය කේ.කේ.වී
යතිජ කෙවින්
9. මීටර් 200 සහ මීටර් 400 ඉසව්වෙන් හතර වන ස්ථානය ජී.චමිඳු නිශ්ශංක

ජයග්‍ර්‍රාහී කණ්ඩායම සේයාරුවෙන් දැක්වේ.