එදා අමුඩෙ ගහගෙන කුඹුරට බැස්ස නායකයෝ අද ටයිකොට් ගහගෙන කොළඹටවෙලා ඉන්නවා. ගොවියගෙ වී ටික විකුණ ගන්න විදියක් නෑ,


අසීමිත බොරු කියල බලයට ආවේ. ආපු ගමන් අයිඑම්එෆ් එක එළවනවා කිව්වා. බලයට ආපු ගමන් අයිඑඑෆ් එක බදා ගත්තා. ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙන්න අපේ දේශපාලන බලවේගය සූදානම් කියන පණිවිඩයක් දෙනවා. අද නුගේගොඩට ලක්ෂ ගණනින් ජනතාව රොක්ව සිටින්නේ ආන්න ඒ පණිවිඩය දෙන්නය කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා. අද අසීමිත බදු බරක්, මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට, තමන්ගේ මිත්‍රයන්ට බදු සහන දෙනකොට ගමේ අහිංසක අම්මා තාත්තට ව්‍යවසායකට, කුඩා ව්‍යාපාරිකයට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට අසාධාරණ බදු ගහන ආණ්ඩුවට තමන්ගෙ මැතිවරණ පෙරොන්දු පැත්තක තියලා බදු බරක් පටවන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා" යි පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද හවස නුගේගොඩ පැවති 'මහා ජන හඩ' විරෝධතා රැළියේ දී සඳහන් කළේ ය.
අද ආණ්ඩුවේ හිරගෙවල් පෙන්නද්දි, ආණ්ඩුවේ මර්ධනයට බය නැතුව, තම දේශපාලන පක්ෂයේ වගකීම ඉටු කරමින්, සැබෑ විපක්ෂයේ භූමිකාව ජනතාව වෙනුවෙන් ඉටු කරන්න අද නුගේගොඩට පැමිණි සියලු දෙනාට සිය කෘතවේදීත්වය පළ කරමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය. 
අද අසීමිත බාධා මධ්‍යයේ මේ ආණ්ඩුවේ මර්ධනයට බය නැතුව හිස නමා ආචාර කරනවා ඔබේ ශක්තියට.
අපේ පෞද්ගලික අරමුණු නෙවෙයි, අපි නියෝජනය කරන කඳවුර වගේ ම මේ රටේ ජනතාව නියෝජනය කරමින්,
රැකියා උත්පාදනය කරනවා කියල බලයට ආ ආණ්ඩුව දිනෙන් දින කර්මාන්තශාලා වැහෙනවා. දේශපාලන වශයෙන් දුන් පොරොන්දු පැත්තකින් තියල අසීමිත බදු බරක් අපේ රටේ ජනතාවට පටවන්නට මේ ආණ්ඩුව කටයුතු කරනවා. දරුවගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න උත්සාහ කරන ආණ්ඩුව, තරුණයාගේ විරැකියාවට විසඳුමක් දෙන්න මැදිහත් වෙන්නෙ නැති කොට ඒක මතක් කරලා දෙන්න විපක්ෂයේ අපට වගකීමක් තියෙනවා කියන එක මතක් කරල දෙන්න ඕනැයි කියන එක අපි කියනවා. අද අපි ආණ්ඩුවට ඇඟිල්ල දික්කරලා කියනවා කරුණාකරලා පච ගහන එක නවත්තලා දැන් වත් වැඩ කරන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරල කියල දෙනවා.
රාජ්‍ය සේවකයා විනාශ කරලා දැම්මා එක පැත්තකින්. අසාධාරණ විදියට රාජ්‍ය සේවකයගෙන් පලිගන්නවා. තමන්ගේ දේශපාලන උවමනාවට රාජ්‍ය සේවකයා හසුරුවන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. දක්ෂ රාජ්‍ය සේවකයෝ පැත්තක තියලා සමස්ත රාජය සේවය ම තමන්ගේ දේශපාලන ග්‍රහණයට ගන්න උත්සාහ ගන්නවා. ඒ තුළින් සමස්ත රාජ්‍ය සේවය ම කඩා වැටෙනවා.
තවත් පැත්තකින් ආදරණීය අම්මේ තාත්තේ, එක පැත්තකින් අධිකරණ පද්ධතියට බලපෑම් කරන්න උත්සාහ කරනවා. තවත් පැත්තකින් මේ රටේ පොලිසිය තමන්ගේ ග්‍රහණයට ගෙන රාජ්‍ය සේවකට දේශපාලනය කරන්න එපා දේශපාලනය ජනාධිපතිතුමා කරන්නං කීවා. එහෙනං අපි පොලිස්පති තුමාටත් මේ රටේ ආණ්ඩුව අසීමිත විදියට තර්ජනය කරනා රාජ්‍ය සේවකයන්ටත් සමහර නිලධාරීන්ටත් මතක් කරනවා ඔව්! ඔබ අවංකව මේ රාජකාරිය ඉටුකරන්න, ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන ප්රශ්නය අපි විසඳගන්නම් ආණ්ඩුවත් එක්ක කියලා මතක් කරනවා.
එනිසා ජනාධිපති තුමනි. ඔබට ඔබේ දේශපාලන යාන්ත්‍රණය මෙරටේ ජනතාවට දීපු පොරොන්දු ඉටුකර ගන්න බැරි වෙන කොට ඒකට මේ රටේ අහිංසක පොලිස් නිලධාරියා මෙන් ම මේ රටේ ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය සේවය පටලවා ගන්න එපා කියල අපි මතක් කරනවා. ඒකට ආණ්ඩුව රාජ්‍ය සේවය පටලවා ගන්නෙපා.
ආණ්ඩුව එදා නම් ගොවි මහත්වරුන් වෙනුවෙන් අමුඩ ගහගෙන කුඹුරට බැස්සේ. අමුඩෙ ගහගෙන කුඹුරට බැස්සේ. එදා අමුඩෙ ගහගෙන කුඹුරට බැස්ස නායකයෝ අද ටයිකොට් ගහගෙන කොළඹටවෙලා ඉන්නවා. ගොවියගෙ වී ටික විකුණගෙන්න විදියක් නෑ, අල ගොවියො ටික අසරණයි. ලූණු ගොවියො ටික අසරණයි. තක්කාලි ගොවියො අසරණයි. වට්ටක්කා ගොවියො අසරණයි.
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා
ටිල්වින් සීයේ පැළවත්තේ වහල උඩට නැඟල බලන්න ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් කිසිම කලක මේ අණ්ඩුව තරම් මේ රැස්වීමට බය වුණු තරම් බය වෙලා නෑ. මේ රැස්වීම අරඹන බව ආරංචි වුණු දවසෙ ඉඳන් ආණ්ඩුවෙ නායකයො ඔක්කොම උණ විකාරයෙන් කියවන්න පටන් ගත්තා. වැඩියෙන් ම බය වුණේ කයිතන් මුදියන්සෙලාගේ චේතිය කුමාර දිසානායකයි. එදා ඉඳන් අද වෙනතුරු කයිතං කොහේ ගියත් මොනව කරන්න ගියත්, නුගේගොඩ, නුගේගොඩ, 21, 21 කියන එක විතරයි එයාගේ කටේ තියෙන්නේ.
අපට තවම සෙනඟ ඉන්නවා කියල කියන්න ඊයේ තංගල්ලේ රැස්වීමක් තිබ්බා, තංගල්ල රැස්වීමට සෙනඟ ඇද්දෙ පොලිසියෙන්. තංගල්ලෙ රැස්වීමට සෙනඟ ඇද්ද පොලිසිය ම අපේ රැස්වීම කඩාකප්පල් කරන්න යොදා ගත්තා. අපට බාධා කළා. පොලිසියේ මහත්වරුනි. අපි ඔයාලත් එක්ක තරහ නෑ, අපේ නුගේගොඩ සෙනඟ දිහා බලාගෙන නඩුකාරයෝ වැරදිකාරයෝ නිදහස් කරලා ගෙදර යවනව කියන එක ද? නඩුකාරයෝ උසාවියෙ ඉදිරිපත් වෙන කරුණු වෙනුවටචූදිතයට ඉන්න සෙනඟ ගණන් කරලා නඩු තීන්දු දෙනව කියන එක ද ඒ ප්‍රකාශය තරන් අපේ රටේ අධිකරණය තවත් අපහාසයක් නෑ, උගණ්ඩා කුමාරිගේ ඉඳන් කයිතං චේතිය කුමාරයා දක්වා උසාවියට අපහාස කිරීමට අපේ ආණ්ඩුවක දී හිර ගෙට දක්කනවා දක්කනවා කියල අපි පොරෝදුවක් දෙනවා. මෙතැන හොරු ඉන්නවා නම් අල්ලන් ගිහින් දඩුවම් කරන්න. අපි විරුද්ධ වෙන්නෙ නෑ. හැබැයි තමන්ගෙ බොරුව වසා ගන්න විපක්ෂය දුර්වල කරන්න, බොරු නඩු පවරන්න ආවොත් කයිතං ගෙ කලිසමත් නැතිවේවිය කියන එක අපි අනතුරු ඇඟවීමක් කරනවා.
අද අපි නුගේගොඩට එකතු වුණේ දුන් පොරොන්දු ඉටු කරනු කියා කියන්න. මොකක්ද ලොකු ම පොරොන්දුව. හොරු අල්ලනවා කියන එකයි පොරොන්දුව. අපට මතකයි කිව්වා මහින්ද මහත්තයා උගණ්ඩාවේ ඩොලර් මිලියන 15 ක් හංගල තියෙනව කියලා. එදා අපෙන් අහපු ප්‍රශ්නෙ අද අපි ඒ අයගෙන් අහනවා. උගණ්ඩාවේ තියෙන ඩොලර් ලංකාවට ගේන්නේ නැද්දෝ කියල අපි අහනවා. ඒ වගේ ම කයිතං කුමාරයා ඇස් ලොකු කරලා කට උල් කරලා 2012 දෙසැම්බර් 12 දා ලැම්බෝ ගිනි 19 ක් නාමල් රාජපක්ෂගෙ නමට ගෙනාවා කිව්වා. ඇහැට දැක්කා කිව්වා. අපි දැන් කියනවා ලැම්බෝ ගිනි හොයාගෙන නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නෙ නැද්දෝ කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා 
මේ වේදිකාව හැදුවෙ නායකයො හදන්න නෙවෙයි. හැබැයි හදන්න ඕනැ වෙලාවෙදි මොකා හරි උස්සගෙන ගිහිල්ලා අපි ජනාධිපති පුටුවෙ වාඩි කරනවා. අපට පක්ෂ අවශ්‍ය නෑ. අනුර කුමාර අයවැය කියවනවා පැයක්. නාමල්ට පණිනවා පැයක්. නාමල් හිටිය නං වෙන්නෙ රෑ 10 වෙනකං කියවනවා.
ජනාධිපතිතුමා දන්නවද දන්නෙ නෑ උසස් පෙළ විභාගෙ තංගල්ලෙ තිබ්බා කියා. තංගල්ලෙ ක්‍රීඩා පිටිය තියෙන තැන පාසල් තුනක් තිබ්බා. තංගල්ල මහා විද්‍යාලය, තංගල්ල ප්‍රාථමික විද්‍යාලය, තංගල්ල රාහුල විද්‍යාලය තියෙනවා. ජනාධිපති තුමාගේ රැස්වීමේ ස්පීකර් ගැලෙව්වෙ නෑ. අද අපේ රැස්වීමේ ස්පීකර් ගලවනවා. ඔය විදියට නං ජනාධිපති තුමා දේශපාලනය කරන්න බෑ.
නාමල් රාජපක්ෂගේ උපාධි සහතිකය හොයන්නත් පොලිසියෙන් දහයක් යවපල්ලා. ගිහිල්ලා හොයාගෙන වරෙල්ලා. ආනන්ද විජේපාල හිටපු පොලිසියක් නෑ. වටගල කතා කරපු නඩුවකුත් නෑ. ඒ වගේ ම සෞඛ්‍ය ඇමති බෙහෙත් දීපු ඉස්පිරිතාලෙකුත් නෑ.
ජනාධිපති තුමා කියනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2028 ත් අපි තමයි කියලා. ගෙරෙව්වට වහින්නෙ නෑ. හැබැයි වහින්න ඉස්ලේලා ගොරවනවා. අද ඇවිල්ලා ඉන්නෙ මේ ජනතාව වහින්න ඉස්සෙල්ලා ගොරවල යන්න. අර ජපානෙ එකෙක් කියුවා අපිව නිල්පාට බස් එකේ යවනව කියලා. අපේ ආණ්ඩුවක් ආවහම උඹල යවන්නෙ රතු පාට ගාලා. රතු පාට බස් එකේ කියන එක තේරුම් ගනිල්ලා
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, හිටපු ඇමති නිතිඥ හරීන් ෆ්‍රනාන්දු මහතා
අවුරුදු හැත්තෑ හයක් රට කෑවේ අපි නෙවෙයි. සාපේ වුණේ 1965 පර ජෙප්පෝ නිසා. අපි සමගි ජන බලවේගයටත් ආරාධනා කරනවා. ඊළඟ රැළිය තියෙන කොට තව පක්ෂ ගණනාවක් මෙතැනට ගේනවා. අපි ඔබට ඒ ගැන සහතික වෙනවා. අපේ ගමන අවසන්ෙ වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සු රවටලා බස් එකේ කෝච්චියේ යනවා කියලා කැබ් හොයන ටික එළවලයි.
මහින්ද මහත්තයා මතක් කරන්න ම ඕනැ. මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ යුද්දෙ අවසන් කරපු නායකයා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ පොලිමේ මිනිස්සු මැරෙන කොට ආර්ථික අර්බුදය අවසන් කරපු නායකයා . රටට බොරු කී, බලය ගත් හැටි ඉරුණු ජංකැබලි ඇඳලා - ඔබව රවටා මාව රවටා දුන්නු සැප ටික ඉවර වීලා රටම දන්නැති හරක් පට්ටිය ගෙදර යවමුද එකතු වීලා - සැරසියල්ලා සැරසියල්ලා - මේ ඔබේ වාරය ඇවිල්ලා යි ජනතාවට ඇරයුම් කළේ පාලක පක්ෂයේ බොරු රැවටිලි ගැන සඳහන් කරමිනි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ඡන්ද අරගෙන ලක්ෂ 68 කින් දිනපු මාලිමා ආණ්ඩුව අද කුල්ල කුජීත යි. වංචනික ආණ්ඩුවේ බොරු පොරොන්දු මතක් කරන්නයි අපි මේ රැළිය පවත්වන්නේ. යැ යි කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ උප සභාපතිනි සාවින්ද්‍යා එදිරිමාන්න මෙනෙවිය
විපක්ෂයේ කාර්ය භාරය හඳුනගත්තු දේශපාලන නායකයින්ට, පක්ෂවලට තරුණියක් හැටියට මං ගෞරව කරනවා. මේ ආණ්ඩුව බලයට ආවෙ ම පට්ටපල් බොරු කියලා. ඔබට මතක ද රජයේ වාහන විකුණලා ඉස්කෝල හදනවා කිව්වා. අවුරුද්දක් ගියා හදපු එක ඉස්කෝලයක් නෑ, රටේ අගමැති ආචාර්යවරියක් වෙච්චි, රටේ අගමැතිතුමිය කාන්තාවක් වෙච්චි, රටේ අධ්‍යාපන ඇමතිතුමිය එදා සියයට හයයි කියපු ටීෂර්ට් ගහගෙන දුම්රිය පොළවල් ගානේ, බස් හෝල්ඩ් ගානේ පත්‍රිකා බෙදුවා. හැබැයි අද එතුමිය රටේ අධ්‍යාපන ඇමති අධ්‍යාපනයට සියයට හයක් වෙන් කළාද? නෑ ඒ අය ඔබව ඇන්දුවා. සියයට හයේ කතාව පාවිච්චි කළේ රටේ ජනතාව ගොනාට අන්දන්න විතරයි. ඒ වගේ ම පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන බිල්ලෙක් මැව්වා. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් පාරට ගෙන්නුවා. ගෙන්වලා කඳූළු ගෑස් කාපු ශිෂ්‍ය ශිෂාවන්ගෙන් මං අහනවා ඔබ උද්ඝෝෂණය කළාට අද ඒ ඇමතිවරුන්ගේ දරුවන් යස අගේට ඉගෙන ගන්නේ පිටරට විශ්වවිද්‍යාලවලයි රටේ සුපිරි පෞද්ගලික පාසල්වලයි ඉගෙන ගන්නවා. වටගල ඇමතිතුමා මං කියන්නේ බොරු ද? බොරු නං උත්තර දෙන්න"
''පැළවත්තෙ සල්ලිවලට කුණුහරුප ලියන ඩෝබි බළකායට මං කියනවා අපි බය වෙන්නෙ නෑ කියා. හදට සෝ ගිනි, ඉණට වැරහැලි - නැගිට පල්ලා නැගිට පල්ලා කියා නොව උන් කියූ කප්පරක් බොරු යට පරපුරක් යටපත් කළා කියලයි " යනුවෙන් ද ඈ පැවසුවා ය.
