ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

අයවැය ආදායම් රැස්කර ගන්නේ වාහන ආනයෙන් බව මහින්ද කියයි

එය දළ දේශීය නිෂ්පාදනයෙන් 1% ක්

2025 වසර අයවැයේ ආදායම් රැස්කර ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයනය කිරීමෙන් යැ යි මුදල් අමාත්‍යංශ ‍ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණ එම ආදායම වනු ඇතැයි ද සිරිවර්ධන මහතා විශ්වාසය පළ කරයි.

කොළඹදී පැවති පශ්චාත් අයවැය සාකච්ඡාවකදී මහින්ද සිරිවර්ධන මහතා ඒ බව පැවසී ය.

එමෙන්ම ඩිජිටල් සේවාවන් හා දුම්වැටි, මත්පැන් හා සූදු ක්‍රීඩා වලින් ද ඉහළ ආනයනික බදු හා අපනයනයන් සඳහා ද ආනයනික බදු ද ඇතුළත් කර බවත් වැඩි දුරටත් හේ සඳහන් කළේ ය.