FR පෙත්සම් දෙකක් ඔහුට එරෙහිව උසාවියේ පවතී
කණිෂ්ක විජේරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් (CIABOC) ඉල්ලා අස් වූයේ ය. සිය ඉල්ලා අස්වීමේ ලිපිය හේ ජනපතිවරයාට භාර දී ඇත්තේ අද (07) යි. ඒ ජනාධිපති කාර්යාලටය් දී අනුර කුමාර දිසානායක මහතා මුණගැසීමෙන් අනතුරුව යි.
විජේරත්න මහතා ගේ පත්වීම නීතියට මෙන් ම ව්‍යවස්ථාවට ද පටහැණි බව දක්වමින් මාධ්‍යවේදිනියක් හා එන්ජීඕ වක් විසින් අධිකරණයට ඉදිරිපත් කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඇති පසුබිමක හේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට අද (07) ප්‍රතිඥා ද දී තිබේ.
