උණුසුම් පුවත්දේශපාලන

අල්විස් කමිටු වාර්තාව පිළිගන්නෙ නෑ – රජයේ මාධ්‍ය ප්‍රකාශක

එය දේශපාලන උවමනාව මත පිහිට වූවක් - රවි, ශානි ඉවත් කරන්නෙ නෑ

විශ්‍රාමලත් විනිසුරු ඒන්.ජේ. ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොට, සකස් කරැති කමිටු වාර්තාව පිළි නොගන්නා බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු පැවසුවේ එය දේශපාලන අරමුණක් මත සිදු කරන ලද්දක් බවයි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයට සම්බන්ධ වූ පසු ඔවුන් ඉලක්ක කරමින්  එම කමිටුව පත් කරන ලද  එකක් බවකි ඔහු පවසන ලද්දේ.

විශ්‍රාමික පොලිස් සංසදය 2024 ජුනි 09 වන දින පිහිටුවන ලද බවත්, විශ්‍රාමික පොලිස් සංසදය පිහිටුවා දින තුනකට පසුවල 2024 ජුනි 12 වන දින එම කමිටුව පත් කරන ලද බව ද හේරත් මහතා   කී ය.

එම කමිටුව මාස තුනක් ඇතුළත එනම් සැප්තැම්බර් 15 වැනි දින, ජනාධිපතිවරණයට පෙර සිය වාර්තාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බවත්, ඇමැතිවරයා සඳහන් කළේ ය. රවි සෙනෙවිරත්න, ශානි අබේසේකර යන මහත්වරුන් නො ඉවත් කරන බව ද හේ සඳහන් කළේ ය.

 රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී  රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා  මෙම අදහස් පළ  කරන ලදී.