ආරක්ෂකඋණුසුම් පුවත්

අලුත්කඩේ උසාවියේ දී සංජීව ඝාතනය කළ සැකකරු පොලිසිය කොටුකර ගනී

අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු සාමාජිකයේ

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ මහසේත්‍රාත් උසාවියේ විත්තිකූඩුවේ සිටිය දී  ගණේමුල්ලේ සංජීව නම් පාතාල රජාට අද (19) උදේ වෙඩි තබා ඝාතනය කිරීමට  සම්බන්ධ දඩයක්කාරයා පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකායෙනි.

මේ ඝාතන සැකකරුවා පාලවියේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින්න කොටුකර ගෙන ඇත්තේ වෑන් රියකින් පලායමින් සිටිය දී කරන ලද මෙහෙයුමක දී ය.

පොලිස් අත්අඩංගුවට පත් ඝාතකයා යැයි සැකරන්නා  අස්මාන් ෂෙරිෆ්ඩීන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු සාමාජිකයෙකි.  මොහු 34 හැවිරිදි වියේ පසුවන්නෙකි. 

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත් මස 07 වනදා  වෙඩි තබා ඝාතතය කිරීම ද මොහු සම්බන්ධ බව පොලිසිය කියයි.