උණුසුම් පුවත්

අහුංගල්ලේ දී කටපුංචෙක් තවත් බිල්ලක් ගනී

දවස් දෙකක් ඇතුළත දෙවැනි බිල්ල මෙයයි

නොහඳුනන වෙඩික්කරුවකු ගේ පුහාරයකින් අහුංගල්ලේ දී තවත් පුද්ගලයකු මරු වැලඳ ගෙන ය. මෙසේ වෙඩක්කරු ගේ ඉලක්කයට ගොදුරුව ඇත්තේ අහුංගල්ල මරදාන පුදේශයේ පදිංචිව හුන් පනස්හතර වියැත්තෙක්. හේ කපිල ගාමිණි නමැති පෙදරේරුවකු බව පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ ඔහු බලපිටිය රෝහලට ඇතුළුකළ පසු මියගෙිය බව ද පොලිසිය සඳහන් කරයි. 

ඉකුත් 08 වනදා ද අහුංගල්ලේ දී නොහඳුනන සාහසිකයන් ‌දෙදෙනකු විසින් පනස් තුන් හැවිරිදි පුද්ගලයකු වෙඩි තබා මරා දමන ලදි.

අහුංගල්ල පොලිසිය අපරාධරුවන් අල්ලා ගැනීමට විමර්ශන අරඹා ඇත්තේ ඇල්පිටිය පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා මහතා ගේ උපදෙස් අනුව යි.