උණුසුම් පුවත්

ආරුගම්බේ සංචාරක පාරාදීසයට ප්‍රහාරයක් සැලසුම් කරපු දෙන්නකු අල්ලලා

එකෙක් මාලදිවයින් සම්බවයක් ඇත්තෙක් ලු

සංචාරය පිණිස ලක්දිවට පැමිණැති ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට  සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් අයකු යාපනයේ පදිංචි කරුවෙකි. අනෙකා කොළඹ ප්‍රදේශයේ පදිංචි එකෙකි. ඔහු මාලදිවයින් සම්බවයක් ඇත්තකු බව කියැ වේ.

ආරුගම්බේ සංචාරක පුරවරය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි  ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇගවීමේ නිවේදනයක් දිනි කීපයකට පෙර නිකුත් කර තිබිණි.

ඒ ආරුගම්බේ සංචාරක කලාපයට පෙම්බැඳ එහි රැඳී සිටින ඊශ්‍රායලය ජාතිකයන් ඝතනය කිරීමේ චේතනාන්විත සැලසුමකට අනුව බව ඇමරිකානු බුද්ධි තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

ඒ හා යමින් තවත් රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් ඊයේ දිනයේ යාවත්කාලීන කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය පුරවැසියන්ට ඊයේ දින දන්වා තිබිණි.

ප්‍රහාරය එල්ල කිරීමට එකගවීමෙන් පසු රුපියල් ලක්ෂ 50 ක මුදල් ලබා දුන් බව මෙම සැකකරුවන් පවසා ඇත.