උණුසුම් පුවත්විදෙස්

ඇමරිකාව විත්තිකූඩුවට දමන ෂේක් හසීනා

පුංචි ම පුංචි දූපතක් නිසා අගමැතිකම හැර රටින් පළා යන්නට සිදුවුණු ආසියාවේ යකඩ ගැහැනිය

බෙංගාල බොක්කේ  පාලනයට ඇමරිකාවට ඇවැසි පරිදි කටයුතු කරන්නට වර්ග කිලෝ මීටර තුනක තරම් වූ ශාන්ත මාටින් දූපත වරදානයක් සේ දුන්නේ නම් තම මව්බිමේ අරගලයක් ඇති නොවනා බවත් එහෙමනං තවමත් අගමැතිනිය සේ වැජඹෙන්නට තමාට හැකියාව තිබුණු බවත් බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ෂේක් හසිනා කියන්නී ය.

ස්වකීය මව්බිම විනාශය කරා ඇද දැම්මේ ඇමරිකාව විසින් කළ ඉල්ලීම තමා විසින් ප්‍රතික්ෂේක කළ හෙයින් යැ යි ද ඇය කියයි. ඒ 'ඉකොනමික්ස් ටයිම්ස්' පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 

මේ ගැන තමා රටවැසියන්ට ප්‍රකාශ  කිරීමට අපේක්ෂාවෙන් හුන් නමුදු ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කරන්නට අවකාශයක් නොලැබුණු බව ද බංග්ලාදේශයේ හිටපු නායිකාව පවසා ඇත. 

තමා ජනතාව විසින් ප්‍රතික්ෂේක කළ හෙයින් රටින් බැහැර වූ යේ යැයි කියන ෂේක් හසීනා මහත්මිය මිනිස් ඝාතන ඔස්සේ බලය ඩැහැ ගන්නට විපක්ෂය පියවර ගත්තත් තමාට ඔවුන් මියයන අයුරු බලා සිටිය නොහැකි ‌හෙයින් මේ පීයවර ගත්තේ යැ යි ද කීවා ය.