උණුසුම් පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවත් හෙනහුරා උච්ච වී මහජන නියෝජනය ‌අහෝසි වෙයි?

අයවැය ලේඛනය දෙවැනි වරටත් පරාදයි

රටේ සියලු ප්‍රාදේශීය සභා බලරහිතව පවතිද්දී මේ දක්වා සජීවීව පැවති යේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි. එහෙත් එය ද එහි වත්මන් සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය අද (28) ඡන්ද දෙකකින් පරාජයට පත් වීමෙන් මේ තත්ත්වය උදාවී තිබේ.  . අයවැයට පක්ෂව මන්ත්‍රීවරුන් 12 ක්  මනාපය පාවිච්චි කළ හ. මන්ත්‍රීවරු 14 ක් ඊට විපක්ෂ වූහ. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය දෙවැනි වරට ද පරාජක් ලැබුවා ය. ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් සභා ගැබේ නොසිටියහ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පාලනය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු ය.

මීට පෙර මෙහි පාලනය ගෙන ගියේ කරුණාසේන පොන්නම්පෙරුම මහතා යි. ඔහු විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය ද දෙවතාවක් පරාද කරන්නට එහි මන්ත්‍රීවරුන් ක්‍රියාකිරීම නිසා ඔහුගේ සභාපති දූරය අහෝසි විය. අද අයවැය ඉදිරිපත් කළේ පුරප්පාඩු වූ සභාපති ූරයට පත්වූ නලීන් ප්‍රියදර්ශන මහකා යි. ඔහු ද අද ඉදිරිපත් කොට පරාජය වූයේ දෙවැනි වරට ඉදිරිපත් කළ අයවැය ලේඛනය යි.

මේ හේතුව මත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන්ගේ බලය අහෝසි වන බව පළාත් පාලන මැතිවරණ ආඥාපනත අනුව එහි නිල කාලය අවසන්වීමට පෙර විසුරෙන බව දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.