රාත්‍රී දහය පමණ වන විට නිකුත් කළ හැකි වේවි - ගාල්ල මහ දිසාපති කියයි
මේ වන විට පැවත්වෙමින් පවතින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල අද (26) රාත්‍රී දහය පමණ වන විට නිකුත් කළ හැකි බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, ගාල්ල මහ ඩබ්. ඒ. ධර්මසිරි මහතා පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරුන් 28 දෙනකු තෝරාපත් කරගැනීම සඳහා ඡන්දදායකයින් 55643 දෙනකු සිය ඡන්දය හා මනාප ප්‍රකාශ කරන්නට දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ.
ඡන්ද මධ්‍යස්ථාන 48 ක දී පැවැත්වෙන මේ පුංචි ඡන්ද ඇල්පිටිය ප්‍රදේශයේ කොට්ඨාස 17ක ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීම උදෙසා මේ මහජන නියෝජිතයෝ තෝරා පත් කර ගැනෙති.
ඡන්දය බොහොම සාමකාමීව පැවැත්වෙන බව වාර්තාවේ.