ඡායාරූප හෝ වීඩීයෝගත කිරීම හෝ නොකරන සේ මැතිවරණ කොමසාරිස්වරයා කියයි
ජනාධිපතිවරණය හා සම්බන්ධ කිසිදු ආකාරයක ප්‍රචාරණ ක්‍රියාවක යෙදෙන්නට නොහැකි ලෙස දැන් ක්‍රියාත්මක වන්නා වූ නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ජාලයන් හි හැසිරීම, ක්‍රියාකාරීත්වය විමසා බැලීමට, මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ බව කියන්නේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මෙනෙවිය යි.
එකී කණ්ඩායම පස් දෙනෙකුගෙන් සමන්විත ය. ඔවුන් වෙත නිරීක්ෂණ සංවිධාන විසින් දෙන වාර්තාවලට අනුව සමාජ මාධ්‍යය විසින් ප්‍රචාරයණය කරන්නා වූ වැරදි තොරතුරු ඉවත් කරනා බව ද ආටිගල මෙනෙවිය කියයි.
එමෙන් ම ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් හි ජංගම දුරකතන භාවිතය තහනම් බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණයට අදාළ ස්ථානවල ඡායාරූප ගැනීම හා වීඩියෝ ගත කිරීම ද තහනම් බව එකී නිවේදනයේ දැක්වේ.
එම ස්ථාන තුළ අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීම තහනම් බව සියලු පාර්ශ්ව වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතාගේ නිකුත් කළ නිවේදනයක තවදුරටත් සඳහන් ය.