උණුසුම් පුවත්කාලීනපරිසරයවිශේෂාංග

ඊයේ දවස පුරා ම නවසීලන්තෙට වැස්ස යි හුළඟයි

චම්මිගේ හිතිවිල්ල

ඊයේ දවස පුරාම වැස්ස. වැස්සත් එක්ක ආව හුළඟ.
වැස්සේ සීතල අරන් ඇවිත් එන්නත් කරවනවා හමට.
ඒක ටිකක් වෙලා යද්දී අත් දෙකත් හිරිවට්ටගෙන වෙවුලන්න ගන්නවා තොල් සීතල කරන් එකටෙක ගැටෙන්න ගන්නවා.
සීතල හම විනිවිද යද්දී කෙනෙක්ට පුලුවන් ද නිහඬ වෙන්න .
ඒක කොහොමවත් කරන්න බැහැ.
සීතල කියා බලන් හිටියොත් කාගේවත් කුස පිරෙන්නෙ නෑ.
ඒ නිසා ප්‍රධාන වෙන්නේ වසරකට වරක් එන සීතලට වඩා හැමදාම තියෙන කුසගින්න සහ අනෙක් ඕනෑ එපාකම් වැදගත් කොට සැලකීම. ඒ නිසා සීතල ,බැරි බැරි කම්, වෙනත් ගැටලු ප්‍රධාන කරගත්තොත් මූලික අවශ්‍යතාවේ දී පරාද වෙනවා.
මෙහෙම වෙන්නේ ඇයි? ස්වාධින නිසා.
තවත් අයෙකුගෙන් යැපීමේ මානසිකත්වයකින් පෙළෙන්නේ නැති නිසා. බැරිම අයට උදව් කරනවා.
නැතිම අයෙකුට ගහ ගහ ඉන්න නොවෙයි අරපිරිමසා ගෙන ජීවත්වෙන්න ඩෝලයක් දෙනවා.
කම්මැළිකම ම උරුමයක් කරගත්තු ඈයෝ එයින්ම යැපෙන්න හදනවා.
ඒත් වෙනස් විදියකට මිනිසුන්ට හේතු මවාගෙන පින්පඩි විවිධ තේමා යටතේ ජාතික ධනයෙන් ගලා යන්නේ නෑ.
රටක් සංවර්ධනය කරන්න සියලු සුභසාධනා එක්ක බැහැ. ලංකාවේ අති සුඛෝපභෝගී මොටෝ රථයෙන් එන දරුවාත් නොමිලයේ දෙන පොතපත නිල ඇඳුම් ගන්නවා නම් පාවහන් හෝ නැතුව පාසල් යන දරුවන්ට ඊට වඩා දෙයක් දිය යුතු නැද්ද?
මේ ගන්නේ අපෙන්ම ගන්න දේවල් කියා ඔවුන් නොසිතන්නේ ,අපි නොගත්තොත් මේවා පිටට විකුණා නිලධාරින් මුදල් ගන්නවා යන සිතුවිල්ලෙන්.
ඒ වගේම අස්වැසුම දුන් නැත්නම් මට ඡන්දේ නොලැබෙයි කියා එය නිරාපරාදේ දෙනවා. ඉන්පස්සේ දේශපාලකයා නිකන් කෑම හිඟා කෑමක් යැයි වේදිකාවේ මුර දෙන්නේ ආර්ථික න්‍යායාචාර්ය වරුන් වගේ.
නොමිලයේ දෙන මුදල් සර්ව සාධාරණව දියයුතු අයටම ලැබෙනවා නම් ඒක බදු ගෙවන්නන්ට පිනක්. එහෙත් ඒක උරුමයක් කරගෙන ගන්නා උන් නිසා ඒක ජාතියේ කරුමයක් වෙලා. හැබැයි ඒක ජාති ජාති වශයෙන් ජාතියටම ණය ගෙවීමට වෙන දෙයක්. එතකොට මේ රටේ මිනිස්සුන්ගෙන් අයකරන මුදල් නිරාපරාදේ වැය කරන අයට මොකද වෙන්නේ...?
එහෙම හොරට ගන්න මහජනයා පෞද්ගලිකව ඒකට කඹුරන්න වෙද්දී අර අඬබෙර ගහල දෙන හා වියදම් කරන උන්ගේ පරම්පරාවම ඒක ගෙවන්න වෙනවා.
ඒ නිසා මං හිතනවා සේවය දෙන ගාණට ගෙවන, ගෙවන ආදායමේ අතිරික්තයට බදු ගෙවන, ලබන බද්දට පොදු සේවය කරන , කරන දේ හරියටම පෙන්වන දේශයක ගැහෙන සීතල ඇඟට නොදැනෙන්නට උණුසුම් ඇඳුමක් ලාගෙන ගිහින් වැඩ කරන මිනිස්සු ඇත්තටම පොළොවට බරක් නැති මිනිස්සු.
අද වැස්ස.
අද පායනව වැඩි.
ඇඟට අමාරුයි.
නැත්නම් කෙටිනිවාඩු දෙකක් මට අයිතියි.ඒක  නොගත්තොත් අවළංගු වෙනවා කියා එය ගන්තා .
හැකිනම් ගෙදර ඉඳන් පොත අත්සන් කරවා පඩි ගන්න,
ඉන්නා මිනිස්සු වැඩි වෙන්න වෙන්න ඒ රටේ සිද්ධ වෙන කලබැගෑනී හා ස්වාභාවික විපත් වැඩි නොවේද?
පෙරදාක මනුස්සකම් ගැන කතා කරපු අපි නාය යාම්,ගංවතුර, නියඟ, භූ චලන ගැන කතා කලේ ඉතා ඉතාම තුරකින්.
රටේ නායකයාට, පූජ්‍ය පක්ෂයට, වැඩිහිටියන්ට ,ගුරු ,දෙමාපියන්ට කුණු බැණුම් දෙන සමාජයක් එදා තිබුණේ නෑ.
ඒත් අද බණින එකා විතරයි හොඳ.
අනික් සියල්ලෝම වැරදිය.
මෙවන් සමාජයක් වෙනස් කරන්න බුල්ඩෝසර කරනවා හැර අරගල කීයක් කළත් හරියයි කියා හිතන්න බැහැ.
ඒ නිසා හම කාගෙන යන සීතලෙන් හිරිවැටිල ඒකට කියා 'ෂොට් 'එකක් දා නොගෙන තමන් වෙනුවෙන්ම හෝ සේවයට යන්නෝ සැබෑම අවංක පුරවැසියන් නොවේද?
මේ මිනිස්සු විඳින සීතල දවසක ඔවුන් සිය නිදහසේ උණුහුම විඳිනු ඇත.
එදාට අනුන්ගේ දේ කොල්ලකමින් අද සිහිල් සුවයෙන් සිටින එකා ගිනිගත් ණයබරක දුක විඳිමින් රටද හනියට පත් නොකරනු නැති ද?
ජීවත්වීමට සීතල හා දාහය ඉවසන්නෝ සැබෑ මිනිසුන් ය.
අහසින් වැටෙන වැස්සට හා අව්වට,
පොළොවෙන් නැඟෙන ගංවතුරට හෝ කම්පාවන්ට සාප නොකර ඒවාට අභියාගයක් වෙමින් ජීවත් වෙමු.
ඒ නිසා ලැබුණු මිනිසත් කමට ගරු කරමු.