උණුසුම් පුවත්

උද්දික ප්‍රේමරත්න ගේ රංගනයක්?

උදව් කළ පොලිස් නිලධාරියා ද රටින් මාරුවෙලා

උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම සැලසුම් කරන ලද්දක් බව හෙළි වී තිබෙනා වග පොලිසිය කියයි. මේ වෙඩිතැබීම පහුගිය හවුරුද්දේ දෙසැම්බර් 17 වැනි දා සිදු වූ බව කියයි.

එම ප්‍රහාරය අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික එම ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි වරයකු හා එක්ව මෙම වෙඩි තැබීමේ ව්‍යාජය මවා පාඇතැ යි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකජ්‍යෙෂ්ඨ ‌නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා  පවසයි.

සිදුවීමට සම්බන්ධ පොලිස් අධිකාරිවරයා මේ වන විට රටින් පිටව ගොස් ඇති බවත් වෙනත් පොලිස් නිලධාරියකු අත ඔහුගේ ගිනි අවිය පොලිසියට ආපසු භාරදී ඇති බව තල්දූව මහතා මාධ්‍යයට පැවසී ය.

උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ටික දවසකට පසු සිය පවුල සමග කැනඩාවේ පදිංචියට ගියේ ය.

මේ සිද්ධිය ගැන පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරන බවද නියෝජ්‍ය පොලිස්පති තල්ලූව මහතා සඳහන් කළේ ය..