එම නිවේදනය කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාණෝ මාධ්‍යය හමුවේ වදාරති
පාස්තු ප්‍රහාරයට සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ඒ. එන්. ජේ. අල්විස් කමිටු වාර්තාව ශ්‍රී ලංකා රදගුරු සංගමයට ලබා දී ඇති බවත් එම වාර්තාව රහසිතගත වාර්තාවක් ලෙස සඳහන් කර ඇති නිසා රහසිගතව තබා ගැනිමට කටයුතු කළ බවත් රදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උදය ගම්මන්පිල මහතා අද තමන්ට තැපෑලෙන් ලැබුණේ යැයි කියන වාර්තාවක් ඉදිරිපත් කිරීම නාටකයක් යයිද කීහ..
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රකාශයට පත් ගාමිණී ප්‍රනාන්දු පියතුමාණන් විසිනි.
එම වාර්තාව රවි සෙනෙවිරත්නව සහ ශානි අබේසේකර හිරකිරීමට සකස් කළ වාර්තාවක් දැයි සැකයක් මතුවන බවත් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමාණෝ පැවසූහ.
ඒ. එන්. ජේ. අල්විස් කමිටුව විසින් ලබා දුන් ත්‍රිපුද්ගල වාර්තාව ඔවුන් නොපිළි ගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිකුත් කළ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාණන් ප්‍රකාශ කරන ලදි..