වෛද්‍යවරියගේ ජංගම දුරකතනය සැකකරු අල්ලන්නට පාර කියලා
වෛද්‍යවරියකට ලිංගික හිංසා පීඩා කළ සැකකරු ගල්නෑවේ දී පොලිසිය විසින් අල්ලා ගෙන ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මේ අපරාධකාරයා බන්ධනාගාරගතව සිටි මොහු පෙර දින හිරගෙදරින් එළියට බට අයකු බව කියයි.
වෛද්‍යවරිය අමානුෂික අයුරින් දූෂණය කොට මොහු ඇගේ ජංගම දුරකතනය ද රැගෙන පළාගෙස් සිටිය දී ඒ ජංගම දුරකතනයේ දත්ත හඹායෑමෙන් සැකකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත් විය. මේ අපරාධකරු හිටපු හමුදා සෙබළෙකි. ඔහු හමුදාවෙන් පැනගොස් සිටින්නෙකි.
අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
