දුෂ්කරතා රැසක් මැද පුහුණුවීම කරන ඔහුට අනුග්‍රහයක් දක්වතොත්.....!!!
අම්බලන්ගොඩ බටපොළ නින්දාන මහ විදුහලන් දැයට මතුව සිටින අනාගත ඔලිම්පික් සූරයා ගැනයි හෙළදිව මේ සටහන. එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. එච්. ශිහාන් නදීෂන සිසුවා 2023 වසරේ ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ අවුරුදු 16 න් පහළ මීටර් 100 දුර දිවීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන ගත්තේ ය.
පසුගිය වසරේ ජාතික මලල ක්‍රීඩා තරඟයේ දී ද අවුරුදු 15 න් පහළ මීටර් 100 පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ ද ශිහාන් ඔහු ය.
දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ගාල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා පුහුණු කරු ආර්. එම්. ආර්. නිරෝෂන් මහතා ය. ඔහු නදීෂාන ගැන පසුවන්නේ බෝ තුටු පහටු සිතිනි.
" අවුරුදු හතර හමාරකට විතර කලින් මේ දරුවා මා වෙත පැවරුණා ඔහු ගේ කෞෂල්‍ය මං තේරුම් ගත්තා. එතකොට නදීෂණ අවුරුදු 12 න් පහළ ක්‍රීඩා කළේ. ගෙවී කාලය තුළ ඔහු ජාතික මට්ටමට උස්සල තියන්න අපට හැකිවීම බොහොම සතුටට කාරණාවක්.
එළඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල අරමුණු කරගෙන මේ ක්‍රීඩකයා පුහුණු වෙන්නේ ය. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඔහු තෝරා ගෙන එම ක්‍රීඩකයින් ගේ සංචිතයට සුදුස්සකු සේ වරම් ලැබීමෙනි.. මේ දරුවා ගේ සූරකම් අගය කිරීම, වටහා ගැනීම නිසා ඔහුඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට තෝරා ගැනීම දක්ෂයා දක්ෂයකු සේ සුදුසු ස්ථානයේ රැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ඒකකය බුද්ධිමත්වීම අගය කකටයුත්තකි. දක්ෂකම් ඇත්නම් මෙවන් දරුවන්ට ජාතික තලයෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටමට ඔසවන්න පුළුවන්"
ඒත් නදීෂන නම් මේ දක්ෂයා, සූර දරුවා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නේ දුෂ්කරතා රැසකට මුහුණ දීලා. සිසුවා ට ක්‍රීඩා පුහුණුවට සුදුසු ක්‍රීඩා උපකරණ, නිසි පෝෂණය, වගේ ම අවශ්‍ය පුහුණු වීම් සඳහා කොළඹ යන්න එන්න බස් ගාස්තුත් අනෙකුත් වියහියදම් දෙමාපියන් දරාගන්නෙ බොහොම අපහසුවෙන් .
මේ දක්ෂතාවන් ගෙන් පිරිච්ච නදීෂන නම් ජාතික වස්තුවක් බවට පත් කර ගන්නට පූර්ණ අනුග්‍රාහක යෙකු ගේ හරි ආයතනයක හරි උදව් උපකාර , දායකත්වය ලබා දෙනවා නම් මලල ක්‍රීඩා අංශයෙන් ඔලිම්පික් ජයග්‍රහණයේ තවත් හීනයක් අපේ මව්බිමට ලබාගන්න හැකි බව මගේ විශ්වාසය යි" පුහුණු කරු නිරෝෂන් මහතා වැඩිදුරටත් කීය.