උණුසුම් පුවත්

කංජිපානි ය යි ලොකු පැටිය යි අල්ලන්

බෙලාරූස් පනින්න යද්දි කංජියා කොටුවෙලා

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරුවන් යැ යි කියන    ප්‍රබල පාතාල  අපරාධකාරයකු සේ කුප්‍රසිද්ධ කංජිපානි ඉම්රාන් ද තවත් අංක එකේ පාතාලයකු වන ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

කංජිපානි බෙලරූස් හි වෙත පලායමින් සිටිය දී ද ලොකු පැටී නැමැත්තා ඩුබායිවල දී ද අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් ආරංචි මාර්ගවලින් සැලවේ

 ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කරැති බවත් ලොකු පැටී ඩුබායි හි සිට එය  මෙහෙයවා ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවිය.

කංජිපානි ඉම්රාන්  සැඟව හුන්නේ ප්‍රංශයේ බවත් ඔහු බෙලරූස් රාජ්‍යයට පලා යමින් සිටිය දී  ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

 ක්ලබ් වසන්ත  ඝාතනය කිරීමට රුපියල් කෝටියකට වැඩිය මුදල්  කංජිපානි විසින්ය දම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරුවලින් අනාවරණය වී ඇති බව ද කියයි.