උණුසුම් පුවත්

කබ්රාල්ලා ට අධිචෝදනා භාර දෙයි

රුපියල් කෝටියක් බැගින් බැඳුම්කර මත ඇප

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙනකුට අද (10) මහාධිකරණයේ දී අධි චෝදනා පත්‍ර භාර දෙන ලදි.

ඒ ග්‍රීක බැඳුම්කර මිල දී ගැනීමෙන් රුපියල් කෝටි 184 වැඩි පාඩුවක් ලක් රජයට සිදු කළේ ය යන චෝදනාව මත ය. මේ නඩුව පවරා ඇත්තේ අල්ලස් කොමිසම විසිනි. විත්තිකරුවනට අධි‌ෙ චෝදනා භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා රුපියල් කෝටිය බැඟින් වූ ඇපකර මත ඔවුන් මුදා හැරීමට නියෝග කරන ලද්දේ ය.

අධිකරණයේ අවසරයකින් තොරව මේ විත්තිකරුවනට විදෙස්ගත වීම ද තහනම් කරන ලදි.