ඔන්න විවාද දෙකටම දින දුන්නා - විපක්ෂ නායක ජාතික ජන බලවේගයේ කට්ටියට කියයි
කයිවාරු බොරු ෂෝ ඕන නෑ. ඔන්න විවාද දෙකටම දින දුන්නා. දැන එන එකයි ඇත්තේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අප රටේ ජනතාව එක් එක් කාලවල එක් එක් අයට ඡන්දය හා රටේ නායකකම ලබා දී අත්හදාබැලීම් සිදු කළත් මෙවර ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයෙන් තොරව කිසිදු බියකින් තොරව තමා සහ සමගි ජන බලවේගය තෝරා ගන්නා ලෙසට ඉල්ලා සිටින බවත් පොදුජනතාවගේ සේවකයා ලෙස තමා විපක්ෂයේ සිට මෙරට ඉතිහාසයේ දැවැන්තම වැඩ කොටස ඉටු කර ඇති බවත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙරටට අවශ්‍ය වැඩ කරන නායකයන් හා කණ්ඩායම් බවත් කයිය නායකයන්ගෙන් හා කයිවාරු කණ්ඩායම්වලින් රටට වැඩක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේ කයිය නායකයෝ සමඟ ඕන ම අවස්ථාවක විවාදයට සුදානම් බවත් මේ වන විට එම විවාද 2කටම සමගි ජන බලවේගය දින ලබා දී ඇති බවත් ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට අම්බලන්තොට බස් නැවතුම්පොළ අසළ පැවැති සමගි ජන බලවේග ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.
විවාදවලට මෙන් ම තරගයට රටට වැඩක් කරන්න එන ලෙස ඕනෑ ම පාර්ශ්වයකට අභියෝග කරන බවත් ඉන් ජය ගන්නේ ද තමා සහ තමාගේ කණ්ඩායම බවට ස්ථිර වශයෙන්ම කිව හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
රටට පෙනුම නෙවෙයි වැදගත් වැඩයි